ඉතාලියේ බෙර්ගමෝ නගරයේ සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික දෙදරු පියා මියයයි

675

ඉතාලියේ බෙර්ගමෝ නගරයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ඉතාලියේ බෙර්ගමෝ නගරයේ පදිංචිව සිටි සංජීව ප්‍රදීප් ප්‍රනාන්දු නමැති දෙදරු පියෙකි.

ඉතාලියේ බෙර්ගමෝ නගරයේ පිහිටි පොලිසිය වෙත කිසියම් අවශ්‍යතාවක් සඳහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී විරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මිය ගොස් තිබේ.

වෙන්නප්පුව කටුනේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි මියගිය සංජීව ප්‍රදීප් ප්‍රනාන්දු මීට වසර විසි හතරකට පමණ පෙර ඉතාලියේ සේවයට ගොස් ඇති අතර ඔහු සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ඉතාලියේ වාසය කර තිබේ.

මියගිය සංජීව ප්‍රදීප් ප්‍රනාන්දු ගේ අවසන් කටයුතු ඉතාලියේ බෙර්ගමෝ නගරයේදී ඉකුත් 21 වෙනි දින සිදුකර ඇත.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment