ඉතාලියේ ශී‍්‍ර ලාංකික මව දරු දෙදෙනා මරලා දාලා

1629

ඉතාලියේ වෙරෝනා නගරයේ දී සිය දියණියන් දෙදෙනා ඝාතනය කළ බවට සැක කෙරෙන ශ‍්‍රී ලාංකික මව සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. මෙම දියණියන් දෙදෙනා වයස අවුරුදු 3ක් සහ 11ක් වශයෙන් වූ බව සඳහන් වෙයි. මව විසින් ඔවුන් දෙදෙනා ගෙල හිරකර ඝාතනය කර ඇති බව පැවසෙයි.

 මෙම ඝාතනවලට හේතුව හෙළිවී නැත. මෙම මව සවිත‍්‍රා නිසංසලා ෆර්නැන්ඩෝ ලෙස ඉතාලි මාධ්‍ය මගින් හෙළිකර ඇත. මේ දියණියන් දෙදෙනා ඔවුනගේ නිදන කාමරය තුළදී ඝාතනය කර තිබේ. මේ සිද්ධිය සැලවීමත් සමග වේරෝනා නගරාධිපතිවරයාත් මෙම ස්ථානයට පැමිණ තිබේ.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment