ඉතාලිය යූරෝ පාපන්දු කුසලාන අවසන් මහා තරගයට

203

 යූරෝ කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉතාලිය සමත් විය. එ් ඊයේ (07 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤ කණ්ඩායම පරාජයට පත් කරමිනි.
 
 එංගලන්තයේ වෙම්බ්ලි කී‍්‍රඩාංගණයේදී පැවැති අදාළ අවසන් පූර්ව තරගයේදී නියමිත කාලය අවසන් වෙද්දී කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස සම තැන් ගැනීමට සමත්විය. එ් අනුව තරගයේ ජයග‍්‍රාහි කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් අමතර කාලයක් ලබා දුන්නද එහිදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකේම කී‍්‍රඩකයෝ අසමත් වූහ. මේ හේතුවෙන් ජයග‍්‍රාහී කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් දඬුවම් පහර යොදා ගැනීමට තීරණය වූ අතර එහිදී හිමි වූ දඬුවම් පහර පහෙන් හතරක්ම දැළ තුළට එල්ල කිරීමට ඉතාලි කී‍්‍රඩකයෝ සමත් වූහ. ස්පාඤ්ඤ කණ්ඩායමට සාර්ථක කර ගැනීමට හැකි වූයේ දඬුවම් පහර 2ක් පමණි. එ් අනුව දඬුවම් පහර 4-2ඬක් ලෙස අවසන් පූර්ව තරගය ජය ගැනීමට ඉතාලි කණ්ඩායම සමත් විය.
 
 අදාළ ජයත් සමගින් ජාත්‍යන්තර පාපන්දු පිටියේදී අඛණ්ඩව වාර්තා කළ 33 වැනි තරග ජයග‍්‍රහණය වාර්තා කිරීමට ඉතාලි කණ්ඩායම සමත් විය.
 
 යූරෝ පාපන්දු කුසලාන අවසන් මහා තරගයට කී‍්‍රඩා කරන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කණ්ඩායම සහ ඩෙන්මාර්කය අද (08 වැනිදා) තරග වැදීමට නියමිතව තිබිණි. තරගාවලියේ අවසන් මහා තරගය ලබන 11 වැනිදා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment