ඉතාලි පනින අලුත්ම ක්‍රමය

932


මිනිස් ජාවාරම්කරුවන් විසින් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව කාර්යාංශය වෙත තොරතුරු ලැබී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවී තම වටිනා ජීවිතය අනතුරේ නොහෙලන ලෙස හා තම මුදල් නාස්ති කර නොගන්නා ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙවැනි ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබදව තොරතුරු දන්නේ නම් දැනුම් දෙන ලෙසද කාර්යාංශය මහජනතාවට වැඩිදුරටත් දන්වා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment