ඉතාලි මුහුදු සීමාවේ ගිලුණු බෝට්ටුවේ සිටි 100 ක් මිය ගිය බවට වාර්තා

227

දකුණු ඉතාලියට යාබද මුහුදු තීරයේදී ඉකුත් ඉරිදා ගිලී ගොස් ඇති බෝට්ටුවේ සිටි කුඩා ළමුන් ඇතුළු සංක්‍රමණිකයන් 100කට අධික පිරිසක් එම අනතුරින් මිය යන්නට ඇති බව ඉතාලි බලධාරීහු ප්‍රකාශ කර තිබේ. විදෙස් සංක්‍රමණිකයන් 200ක් පමණ දෙනා රැගත් මෙම බෝට්ටුව දකුණු ඉතාලියේ ක්‍රොටෝන් ප්‍රදේශයට ගොඩ බැස්වීමට සැරසෙද්දී එම බෝට්ටුව මුහුදෙහි ගිලි යෑමෙන් සංක්‍රමණිකයන් 63 දෙනෙකු මිය ගිය බව මේ වන විට අනාවරණය වී ඇති අතර එසේ මිය ගිය පිරිස අතර කුඩා ළමුන් 12 දෙනකු සිටින බව වාර්තා වී තිබේ.

තුර්කියේ සිට ගමන් අරඹා තිබූ මෙම බෝට්ටුවේ ඇෆ්ගනිස්ථාන, සෝමාලියා, පකිස්ථාන, සිරියානු, ඉරාක හා ඉරාන ජාතික සංක්‍රමණිකයන් පිරිසක් ගමන් කර ඇති බව හෙළි වී ඇති අතර ඉන් පකිස්ථාන ජාතිකයන් 16 දෙනෙකු ඇතුළු 80 දෙනෙකු බේරා ගැනීමට වෙරළාරක්ෂක භටයන් විසින් පියවර ගෙන තිබේ. මෙම අනතුරෙන් පසු ඉතාලි අගමැති ජියෝජියා මෙලනි විසින් මෙවැනි නීති විරෝධී සංක්‍රමණික බෝට්ටු රහසිගතව යුරෝපා රටවලට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යුරෝපා ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ. මෙසේ දියේ ගිලුණු බෝට්ටුවේ සිටි එක් පුද්ගලයකු නීති විරෝධී ලෙස සංක්‍රමණිකයන් මෙම බෝට්ටුවේ ගෙන යෑමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට ඉතාලි බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment