ඉතිහාසයේ පළමු වතාවට ඩොලරය 305 පනී

272

වාණිජ බැංකුවල දෛනික විනිමය අනුපාත සටහන් අනුව ඊයේ (29 දා) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ප‍්‍රථම වතාවට රු. 305 දක්වා ඉහළ ගොස් තිබෙනු දැකගත හැකි විය.

මේ අනුව ඊයේ දිනයේ අමානා බැංකුවේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 305 ක් ලෙස සටහන්ව තිබිණි.

සෙසු වාණිජ බැංකුවල විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 299ට ආසන්න අගයකට නියම කර තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment