ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල  වැඩිවීම ළඟ ළඟ එනවා… එදා මෝදිට කළු කොඩි දාපු අය  අද තෙල් නැවට උත්සව තියනවා

200
  • විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

ආධාර ලෙස මෙරටට ලබා දුන් නිවාස ව්‍යාපෘති විවෘත කිරීමට ඉන්දීය අගමැති පැමිණෙන විට කළු කොඩි දාපු අය, අද ඉන්දියාවෙන් ණයට ලැබුණු තෙල් නැව

පිළිගැනීමට උත්සව පවත්වන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක‍්‍රියාත්මක ‘හුස්මක්’ වැඩසටහනට සමගාමීව ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 45 වැනි පියවර ලෙස රුපියල් විසිනව ලක්ෂ අනූදහසක් වටිනා රෝහල් උපකරණ පෙරේදා (16 දා) කල්මුණේ රෝහල වෙත පරිත්‍යාග කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

සාමාන්‍යයෙන් උත්සවයක් පවත්වන්නේ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා ගම්මුදාව, මහවැලි සංවර්ධන ව්‍යාපාරය, ඇඟලූම් කම්හල් දෙසීය වැඩසටහන, දරුවන්ට නිල ඇඳුම් බෙදා දීම වැනි කටයුතු වෙනුවෙන් උත්සව පවත්වනු ලැබූවත් ණයට ලැබුණු ඞීසල් නැවක්

පිළිගැනීමට පළමු වතාවට උත්සවයක් වත්මන් ආණ්ඩුව විසින් පවත් වන ලද බව ද කීවේය.

දෛවයේ සරදම වන්නේ, තම ඉල්ලීමට අනුව ඉන්දියාවේ ණය ආධාර යටතේ ඉකුත් කාලයේ හදපු නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න මෝදි අගමැතිතුමා ලංකාවට එන විට එදා කළු කොඩි දාන්න කියපු ඇමැතිවරුම මෙදා ණයට ලැබුණු තෙල් නැව පිළිගන්න යෑමට බව ද ඒ මහතා පැවසීය.

ආණ්ඩුව තවත් දින කිහිපයක් යෑමට පෙර ඒකාන්තවම නැවත වතාවක් තෙල් මිල ඉහළ දාන බව පැවසූ විපක්ෂ නායකවරයා එය මේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල ඉහළ යෑම විය හැකි යැයි ද සඳහන් කළේය.

කොරෝනා ව්‍යසනය හේතුකොට ගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම, සංවිධායකයන්, සාමාජිකයන්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ ‘ජනසුවය’ ව්‍යාපෘතිය එක්ව සමගි ජන බලවේගයෙන් ‘හුස්මක්’ වැඩසටහන ක‍්‍රියාත්මක කරන බව එම පක්‍ෂය සඳහන් කරයි.

මීට පෙර වට 44ක දී ලක්ෂ 1222ක රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කළ බව එම පක්‍ෂය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment