ඉතිහාසයේ වැඩිම තෑගි මුදල සොයා ශී‍්‍ර ලංකාව සහ සීෂෙල්ස් අද අවසන් සටනේ

669

මෙරට තුළ ක‍්‍රියාත්මක කෙරුණු කුළුඳුල් සිව්කොන් ආරාධිත ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසාන මහා තරගය අද රාත‍්‍රී 07.00 ට කොළඹ හතේ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර එහි ජයග‍්‍රාහකයන් උදෙසා ඇමෙරිකානු ඩොලර් 30,000 ක් සමගින් ‘‘අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන’’ ප‍්‍රදානය කෙරේ.

මෙම අවසාන මහා තරගය සත්කාරක ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් යන දෙරට අතර පැවැත්වේ. සුජාන් පෙරේරාගේ

නායකත්වයෙන් ශ‍්‍රී ලංකා පිල ද එස්. ස්ටීව් බෙනොයිට් මේරී ගේ නායකත්වයෙන් සීෂෙල්ස් පිල ද මෙම තරගයට අවතීර්ණ වෙයි.

මාලදිවයින, බංග්ලාදේශය සීෂෙල්ස් සහ ශ‍්‍රී ලංකාව යන රටවල් 04 ක

සහභාගිත්වයෙන් ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරුණු මූලික වටයේදී ඉහළම ප‍්‍රසාද ලකුණු ලබා ගනිමින් මෙම දෙපිල තීරණාත්මක අවසන් සටන සඳහා වරම් ලබා ගැනීම කැපී පෙනුණි. මූලික වටයේදී තම අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් සීෂෙල්ස් පිල ප‍්‍රසාද ලකුණු 05 ක් ලබා ගත් අතර ශ‍්‍රී ලංකා පිල ලබාගත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 04.කි.

මූලික වටයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෝල් 01 – 00 ක ජයග‍්‍රහණයක් සටහන් කරගත් සීෂෙල්ස් පිල මාලදිවයින (00 – 00) සහ බංග්ලාදේශය (01 – 01) අතර තරග ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් අවසාන තරගයට වරම් ලබා ගත්තේය.

සීෂෙල්ස් හමුවේ පරාජය ලැබූ ශ‍්‍රී ලංකාව ප‍්‍රතිවාදී බංග්ලාදේශයට එරෙහිව ගෝල් 02 – 01 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගත් අතර මාලදිවයින සමල තරගය 04 – 04 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා කර ගත්තේය.

ඒ අනුව බලන විට මූලික වටයේ තරගයේදී ලත් පරාජයේ වාඩුව ගැනීමේ අවස්ථාව ශ‍්‍රී ලංකා පිලට අද උදාවී තිබේ. සත්කාරක දේශය තුළ හුරුපුරුදු කාලගුණික තත්ත්වයක් මත අවසන් තරගයට මුහුණ දීමට ලැබීම ශ‍්‍රී ලංකා පිලට අමතර වාසියකි. එහෙත් ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයන් දිගු පන්දු පහර ආශ‍්‍රිතව ශ‍්‍රී ලංකා ගෝල් සීමාව ආක‍්‍රමණය කිරීමට උනන්දු වූ බවක් පළමු තරගයේදී පෙනෙන්නට තිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස තරගයේ දෙවන භාගයේ 68 මිනිත්තුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව එකම ගෝලය රැුස් කළේය.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 199 වැනි ස්ථානයේ පසුවන සීෂෙල්ස් ට එරෙහිව අද (19දා) පැවැත්වෙන අවසාන තරගයේදී 204 ස්ථානයේ රැුදී සිටින ශ‍්‍රී ලංකාව පෙරළිකාර ජයග‍්‍රහණයක් වාර්තා කර ගත හොත් එය මෙරට පාපන්දු ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයෙහි රන් අකුරින් ලියැවෙන තවත් එක් අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක් වනු නොඅනුමානය.

මිනිත්තු 90 ක කාලය පුරාම ශාරීරික යෝග්‍යතාව නියතව පවත්වා ගෙන යෑම මෙන්ම මානසික ඒකාග‍්‍රතාව රඳවා ගැනීම හා අන්‍යොන්‍ය විශ්වාසයෙන් යුතුව පන්දු හුවමාරුව ශ‍්‍රී ලංකා කඳවුරෙන් අද දිනයේ සාර්ථක විය යුතුමය. තාක්ෂණය පිරිපුන් උපක‍්‍රමශීලී ක‍්‍රීඩා රටාවක නිරත වීමට සුජාන් පෙරේරා ප‍්‍රමුඛ ක‍්‍රීඩකයන් වගබලා ගත යුතු වන්නේ පුහුණුකරු අමීර් ඇලජික් මහතාගේ

තරග සැලසුමට හා තරග ක‍්‍රමවේදයට අනුව විය යුතුය. පෙර පෙළ ආක‍්‍රමණික ක‍්‍රීඩකයකු ලෙස නිවැරදි රිද්මයට අනුවර්තනය වී සිටින මොහොමඞ් වසීම් රාසික් වළක්වාලීම සඳහා ප‍්‍රතිවාදීන් දියත් කර ඇති උපක‍්‍රමයට එරෙහිව ක‍්‍රියාත්මක වීම ද ශ‍්‍රී ලංකාව දෙසින් විය යුතුය. ගෝල් රකින ක‍්‍රීඩක සුජාන් පෙරේරා අසීරුවට පත් කිරීම සඳහා ප‍්‍රතිවාදීන් එල්ල කරන දිගු පන්දු පහර වළක්වාලීම මැද පෙළ ක‍්‍රීඩකයන්ගේ කාර්යභාරයක් ලෙස පෙනී යයි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ

ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවසාන මහා තරගය සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සභාපති ගියානී ඉන්ෆැන්ටිනෝ මහතා ද එක් වීමට නියමිතය. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති වරයා මෙරට සංචාරය කෙරෙන පළමු අවස්ථාව ද මෙය වෙයි.

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් මහතා ද මේ අවස්ථාවට එක් වෙති.

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම

ඩබ්ලිව්. එස්. ටී. ඞී. සුජාන් පෙරේරා (නායක) එච්. එම්. ප‍්‍රභාත් රුවන් අරුණසිරි, කවීෂ් ලක්ප‍්‍රිය ප‍්‍රනාන්දු, කේ. එන්. හර්ෂ ප‍්‍රනාන්දු, චමෝද් ඩිල්ෂාන්, චරිත රත්නායක, ඩක්සන් පුස්ලස්, මර්වින් හැමිල්ටන්, එම්. චලන චමීර, එස්. ජූඞ් සුපන්, එන්. මොහොමඞ් ෆසාල්, එල්. එච්. කවිඳු ඉෂාන්, ඩිලන් සෙනන් ද සිල්වා, අහමඞ් වසීම් රාසික්, එම්. එෆ්. මොහොමඞ් ආකීබ්, එම්. ඒ. අසීකුර් රහුමාන්, මොහොමඞ් අමාන් ෆයිසර්, මොහොමඞ් රිෆ්නාස්, අබ්¥ල් බාසිත්, දිලිප් සුරාජ් පීරිස්, සසංග ඩිල්හාර, අහමඞ් ශෂ්නී, ඩැනියෙල් මැග‍්‍රාත් ගෝමස්.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment