ඉදිකරමින් තිබූ කදුරුවෙල පන්සලක් කඩා දැමුවැයි හිමිනමක් වහලට නගී

288

තමන් වහන්සේ ඉදිකරමින් සිටි පන්සලක් කඩා දැමීයැයි භික්ෂූන් වහන්සේ නමක් පොලොන්නරුව, කදුරුවෙල නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පළේ දෙමහල් ගොඩනැ`ගිල්ලේ වහළය මතට නැඟී ඊයේ (25* විරෝධතාවක් ආරම්භකර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

එම සිද්ධියට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය, ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් සම්බන්ධ බවට එම විරෝධතාව දක්වන පිංපාරේ විමලරතන හිමියන් ප‍්‍රදර්ශනය කරමින් සිටින පුවරුවෙහි දැක්වේ.

Pansalaya2අප මේ සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් පුෂ්පා ඒකනායක මහත්මියගෙන් විමසූවිට ඇය කියා සිටියේ මේ ස්වාමීන් වහන්සේ හබරණ ත‍්‍රිකුණාමලය ප‍්‍රධාන මාර්ගයේ කිතුල්උතුව ප‍්‍රදේශයේ පිහිටි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටසක විහාරස්ථානයක් ඉදිකර ගැනීම සඳහා ඉල්ලීමක් කර තිබූ බවයි. පසුව එම ඉල්ලීම ඉඩම් කොටස හිමි රාජ්‍ය ආයතනය වන වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ අවස්ථාවේ එයට අවසර නොදුන් බවත් එවිට උන්වහන්සේ බලහත්කාරයෙන් පන්සලක් හැදීමට උත්සාහ කිරීමේදී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය එය වැළැක්වීමට ක‍්‍රියාකර තිබෙන බවද ඒකනායක මහත්මිය කීවාය.

එමෙන්ම මෙම ප‍්‍රදේශය අයත්වන හබරණ, ත‍්‍රීසිංහගම ග‍්‍රාම නිලධාරී වසමේ දැනට පන්සල් 03ක් තිබෙන හෙයින් අලූතින් පන්සලක් හැදීම සම්බන්ධයෙන් එම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් සහ ශාසනාරක්‍ෂක මණ්ඩලයද විරෝධය පළකර තිබෙන බවද ප‍්‍රාදේශීය ලේකම්වරිය ප‍්‍රකාශ කළාය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment