ඉදිරියටත් රටට සේවය කරනවා

609

වසර හයක පූර්ණ මහ බැංකු අධිපති ධුර කාලයක් කටයුතු කිරීමට තමන් කැමැත්ත පළකර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බීබීසී පුවත් සේවයට පවසා ඇත.වර්තමාන මහ බැංකු අධිපති ධුර කාලය 2022 ජුනි 30 දා දිනෙන් අවසන් වෙයි.තමා අධිපති ධුරය භාරගන්නා අවස්ථාවේදී මාස දෙකක් මහ බැංකු අධිපතිවරයා ලෙස සේවය කර පිටව යෑමට අපේක්‍ෂා නොකළ බවත් රටේ පවතින්නේ මාස දෙකකින් විසඳිය හැකි අර්බුදයක් නොවන බවත් එම විදේශ පුවත් සේවය කළ විමසුමකට පිළිතුරු ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා තිබේ. තත්ත්වය එසේ වූයේ නම් තමා එම ධුරය භාර නොගන්නා බව ද ඒ මහතා පවසා ඇත. අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉවත්වීමෙන් පසු ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයට පත් කෙරිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment