ඉදිරියට එන වසංගත කොරෝනාට වඩා දරුණු වෙයි:

222

ඇස්ට‍්‍රා සෙනෙකා එන්නතේ නිර්මාතෘවරියක් කියයි

ඉදිරියේදී ලෝකය මුහුණ දෙන වසංගත තත්ත්වයන් වත්මන් කොරෝනා වසංගතයට වඩා දරුණු වනු ඇති බව ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා එන්නතේ නිර්මාතෘවරියක වන මහාචාර්ය ඩෙම් සාරා ගිල්බර්ට් පවසා තිබේ.

එංගලන්තයේ පැවති 44 වැනි රිචඞ් ඩිම්බ්ලෙබි අනුස්මරණ දේශනය පවත්වමින් මහාචාර්ය ගිල්බර්ට් පවසා ඇත්තේ මෙම තත්ත්වය මත ඉදිරි වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට සූදානම් වීම සඳහා දැන් සිටම වැඩි වැඩියෙන් අරමුදල් යෙදවීම අවශ්‍ය වන බවයි. දකුණු අප‍්‍රිකාවෙන් හඳුනා

ගැනුණු නව ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය පිළිබඳව අදහස් දක්වා ඇති මහාචාර්යවරිය දැනට භාවිතයේ ඇති කොරෝනා මර්දන එන්නත්වලට නව වෛරස් ප‍්‍රභේදය මර්දනය කිරීමේ හැකියාව අඩු විය හැකි බව පෙනී ගොස් ඇති බවත්, මෙම ප‍්‍රභේදය පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය වන තෙක් මහජනතාව ඉන් ප‍්‍රවේසම් වීමට වගබලා ගත යුතු බවත්ය.

කොරෝනා වෛරසය අපගේ ජීවිතවලට හා ජීවන රටාවට බලපෑම් කරන අවසන් අවස්ථාව මෙය නොවේ. සත්‍ය තත්ත්වය නම් මීළඟට පැමිණෙන වසංගතය මෙයට වඩා දරුණු විය හැකියි. එම වසංගතය දැනට වඩා ශීඝ‍්‍රයෙන් පැතිරෙන දරුණු එකක් විය හැකියි ඇය පවසා ඇත.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment