ඉදිරියෙදී සෑම අයෙකුටම අවුරුද්දකට රු. තිස්හයදාහක බදු ගෙවන්න වෙනවා

145

සිස්ටම් චේන්ජ් කරන්න ආපු අය ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ තරුණ තරුණියන් හිර කරගෙන
– පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ

වත්මන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පවත්වන බවට ඉඟි පවා පළකරනුයේ පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වාගේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (15 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“පසුගිය දිනක බැසිල් රාජපක්ෂ කියනවා දැන් ජනතාවට කන්න නැහැ. ආණ්ඩුවත් ඒගොල්ලන්ගේ නෙමෙයි. ඒකට වගකියන්නත් බැහැ කියලා. එහිදී ජනතාව ප්‍රශ්න කරන්නේ ඒගොල්ලන්ගේ නෙමෙයි නම් කාගෙද මේ ආණ්ඩුව කියලා. පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණේ 134ක් ඡන්දය දීලා ජනාධිපති කෙනෙක් පත්කළා. පොදුජන පෙරමුණේ කැබිනට් එකකත් ඉඳගෙන දැන් ආණ්ඩුව ඒගොල්ලන්ගෙ නෙමෙයි කියනවා. නැවත ජනතාව රවට්ටන්න යන්නේ කවුද? ජනතාවට කන්න නැති කළේ කවුද? මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තැනට පත් කළේ කවුද? එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන පවා කියනවා මේ රටේ ආර්ථික ඝාතකයෝ හිටියා, ආර්ථිකය වළපල්ලට දැම්ම අයට දඬුවම් දෙන්න ඕන කියලා. දැන් ඒ ආර්ථිකය ඒ තත්ත්වයට දාපු අය කියනවා අපි මේකට වගකියන්නේ නැහැ කියලා. ජනතාව ඉදිරි මැතිවරණයේදී ඒකට හොඳට වගකියාවි.

පසුගිය දිනවල තරුණ තරුණියන් ඇතුළු සමස්ත ජනතාව එකතු වෙලා සිස්ට්ම් චේන්ජ් එකක් ගැන කතා කළා. ඒ තුළින් ජනතාව ඉල්ලුවේ ක්‍රමයේ වෙනසක්. ඒ වගේම අල්ලස් සහ දූෂණ නැති වෙන්න ඕන කිව්වා. තරුණ අයට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න වැඩි අවස්ථාවක් ඉල්ලුවා. ඒවා තමයි ඉල්ලීම්වල තිබුණේ.

ඒ සඳහා සමගි ජන බලවේගය මූලික වෙලා ඒවාට පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්නේ නැතිව 19 වැනි සංශෝධනයටත් වඩා ඉහළට ගිය පනතක් ගේනවා කියලා ඊටත් අඩු පනතක් ගෙනත් සම්මත කරලා තියෙනවා. ජනාධිපති ධුරය ඒ විදියටම තියෙනවා. ඒ වගේම ඉමිතියාස් බාකිර් මාකාර් මැතිතුමා පාර්ලිමේන්තුවට තරුණ නියෝජනය පිළිබඳ පනතක් ඉදිරිපත් කළා. ඒකත් ක්‍රියාත්මක කරන්නෙ නැතුව ඔවුන්ගේ මන්ත්‍රීවරයෙක් හරහා වෙනත් පනතක් ඉදිරිපත් කළා. ඒ වගේම රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා අල්ලස හා දූෂණය පිළිබඳව ක්‍රියා කරන්න ඕනේ කෙසේද කියලා පනතක් ඉදිරිපත් කළත්, ඒකත් හමස් පෙට්ටියට ගිහිල්ලා. දැන් සිස්ටම් චේන්ජ් කරන්න ආපු අය ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට අරගෙන ඒ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් හිර කරගෙන ඉන්නවා. ආණ්ඩුවේ මර්දනයේ හස්තය ක්‍රියාත්මක වෙනවා තරුණ තරුණියන් වෙනුවෙන්. ඒකට ජනතාව බලාපොරොත්තු වූ ිහිඑැප ජය්බටැ එක ඒකට උත්තර දෙන්න ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණ ජනතාව බලාගෙන ඉන්නවා. අපි බලමු ජනතාව හැසිරෙන විදිය අද ඔවුන්ට ගමට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා ඒ වගේම දැන් හොරු හොරු එකතු වෙන්න යනවා. මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑවා කියලා කෑගහලා පාස්කු ප්‍රහාරයට එවකට හිටපු අගමැතිවරයා වගකියන්න ඕනි කියලා කෑගහලා 2019 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණය කරපු අය මහ බැංකුව මංකොල්ල කාපු අයත් එක්ක නැවත එකතු වෙන්න යනවා.

අයවැයෙන් කොච්චර බදු වැඩි කරලා තියෙනවද? අපේ ලංකාවේ සෑම පුද්ගලයෙක්ම ලබන වසර තුළ මාසෙකට රුපියල් තුන්දාහක් බදු වශයෙන් ගෙවන්න වෙනවා. භාණ්ඩ හා සේවා බද්ද බිලියන 790 කින් වැඩි කරල තියෙනවා. සිවුදෙනෙක් ඉන්න පවුලක් නම් දොළොස්දාහක් ගෙවන්න ඕන මාසයකට. අවුරුද්දකට එක්ලක්ෂ හතළිස් දහසකට වැඩි ප්‍රමාණයක් බදු ගෙවන්න ඕන. මේක තමයි කරල තියෙන්නෙ. ඒ වගේම සෙස් බද්ද වැඩි කරලා. පාසල් ළමයින්ගෙ සපත්තු කුට්ටමේ පොත්වල ඉඳන් සියල්ල වැඩි කරලා. ආණ්ඩුවට ඒව ගැන ගාණක් නැහැ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment