ඉදිරියේදී කන්නත් තැතිවේවි – අර්බුදයෙන් ගොඩ එන්න  වාදභේද පසෙකලා පොදු වැඩපිළිවෙළක් සකස් කරන්න

156

කථානායක සියලූ මැති ඇමැතීන්ගෙන් ඉල්ලයි

අද පවතින ඉන්ධන, ගෑස්,විදුලි හි`ගයට වඩා දරුණු ආහාර හි`ගයක් ඉදිරියට ඇතිවිය හැකි බවත් එනිසා සියලූ වාදභේද දේශපාලන අරමුණු පසෙකලා රට අර්බුදයෙන් ගොඩගැනීම ස`දහා පොදු වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් සදහන් කළේය.

එම ප‍්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

ඊයේ සවස පක්ෂ නායක රැුස්වීමේදී අප රටේ වර්තමාන තත්ත්වය පිළිබද විවාදයක් අද දින පැවැත්විය යුතු බවට එක`ගතාවක් ඇති කරගත් අතර අද අප සූදානම් වන්නේ එම විවාදය පැවැත්වීමටයි.

අද මෙම විවාදය පවත්වන්නේ අප දන්නා ඉතිහාසයේ අප රට තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයක ආරම්භයේ බව ඔබ සියලූදෙනාට සිහිගන්වනු කැමැත්තෙමි. මෙය, අර්බුදයේ ආරම්භයක් ලෙස මා සඳහන් කරනුයේ මා හට දැනෙනා ලෙසට. මෙය තව ඉතා උග‍්‍රවීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අ`ගවන නිසාය. අද පවතින ඉන්ධන, ගෑස්, විදුලි හි`ගයට වඩා දරුණු ආහාර හි`ගයක් ඉදිරියට ඇතිවිය හැක. එය එසේ වන්නේද නැතහොත් අපි යම්කිසි තරමකින් හෝ එය පාලනය කරගන්නේද යන්න තීරණය වනුයේ අප සියලූ දෙනා මෙම සතිය තුළ කටයුතු කරන ආකාරය මත යැයි මම විශ්වාස කරමි.

පසුගිය දින කිහිපය පුරාත්, විශේෂයෙන්ම ඊයේ දිනත්, මෙම ගරු සභාවේ මන්ත‍්‍රීවරුන්ට පුද්ගලිකව විශාල පීඩනයකට ලක් වන්නට සිදු වූ බව මම දනිමි. මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව හා වරප‍්‍රසාදවල භාරකරුවා ලෙසත්, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කරන අයෙකු ලෙසත් මා එය තරයේ හෙළා දකිමි. එසේම, මේ සම්බන්ධයෙන් විධිමත් පියවර ගන්නා ලෙස මා පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අංශ වෙත දන්වා ඇති බවද පවසනු කැමැත්තෙමි.

එහෙත්, අප සියල්ලෝම තේරුම් ගත යුතු යථාර්ථය වන්නේ එසේ අප වෙත එල්ල කරනු ලැබුවේ ජනතාව විසින් වි`දින සාධාරණ පීඩනය බවයි. අප සියලූ දෙනා යම්කිසි ජනතාවක් නියෝජනය කරන නායකයන් ලෙස මෙම සභාවට පැමිණ ඇත. එසේ අප නියෝජනය කරමින් පැමිණි සියලූ ජනතාවට දැඩි ආර්ථික පීඩනය දැනෙන්නට පටන් ගෙන ඇත.

එබැවින්, මෙම තත්ත්වය හො`දින් අවබෝධ කරගෙන අද පැවැත්වීමට නියමිත මෙම විවාදයේදී මා ඔබ සියලූ දෙනාගේ විශේෂ අවධානය යොමු කරනුයේ වරද කාගේද, කොතැනද යන්න ගැන විවාද කරනවාට වඩා, කළ යුත්තේ කුමක්ද, එය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡුා හා විවාද කොට සුදුසු තීන්දු තීරණ සියලූ දෙනා එකමුතුව ගන්නා ලෙසයි.

සාමූහිකව ජනතාව සමග එකට කරන වැඩපිළිවෙලක් තුළින් ජය ගැනීමට හැකි බව ඉතිහාසයෙන් පෙන්වා දී ඇත. මෙම ගරු පාර්ලිමේන්තුවට අප මුහුණ දී ඇති මෙම අර්බුදය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ විස`දිය හැක. අපි එම කාර්යයේ අසමත් වුවහොත් එලෙස අසමත් වන්නේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එහි ප‍්‍රතිඵල මගෙත්, ඔබෙත්, මේ රටේ වෙසෙන දහස් ගණන් අහිංසක ජනතාවගේත් ජීවිතවලින් කෙළවර විය හැක. එවැනි අ`දුරු යුග දෙකක් මාගේ ජීවිත කාලය තුළ මා පසුකර ඇත. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අසමත් වීම නිසා ජීවිත දහස් ගණනක් බිලි විය. මාගේත්, ඔබගේත්, ඥාති හිතමිත‍්‍රාදීන්, දරුවන් ජීවත්වන්නේ මේ රට තුළයි. එබැවින් අසාර්ථක නොවීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතු බව මා දැඩි ලෙස ඉල්ලා සිටිමි.

මා ඔබෙන් ජනතාව වෙනුවෙන් එකම ඉල්ලීමක් කරමි. එනම්, මෙම සතිය අවසාන වීමට පෙර සියලූ වාද භේද, දේශපාලන අරමුණු පසෙකලා මෙම අර්බුදයෙන් ගොඩ ඒමට එක පොදු වැඩපිළිවෙළක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක`ගව සකස් කර සියලූ දෙනාම අවංක කැපවීමෙන් එය ක‍්‍රියාත්මක කරන ලෙසයි.

අප සියලූ දෙනා ගන්නා ක‍්‍රියාමාර්ග තුළ දහස් ගණන් ජීවිතවල වටිනාකම මෙන්ම පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයද රැු`දී ඇත. මේ සියල්ල සිතෙහි ධාරණය කර ගනිමින් විවාදයට සහභාගී වන ලෙස සියලූ මැති ඇමැතිවරුන්ට මා ආරාධනා කරමි.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment