ඉදිරි අවුරුදු දෙකට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 1.5 ක්

253

ඉදිරි වර්ෂ දෙකක කාලය වෙනුවෙන් ඩොලර් බිලියන එකහමාරකට ආසන්න මුදලක් මෙරටට පිරිනැමීම වෙනුවෙන් ලෝක බැංකු නියෝජිතයන් එකඟතාව පළ කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හා ලෝක බැංකු නියෝජිතයන් අතර ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේ දී මෙම එකඟතාව පළව ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් ඇතුළු නියෝජිත පිරිස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා

මුණගැසීමෙන් පසු කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු පිරිසක් මුණගැසුණු අතර එහි දී මෙම එකඟතාව පළව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලද විගස ඉදිරි වසර දෙක වෙනුවෙන් මෙම මුදල් වෙන් කරන බවත් එහි පළමු කොටස ඒ විගස මුදා හරින බවත් ලෝක බැංකු නියෝජිතයන් පොරොන්දු වී ඇත.

මූල්‍ය විනයක් රජය ඇති කර ඇති බවත් එසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුට පළකරන බවත් එම නියෝජිතයන් පවසා ඇත. ලෝක බැංකු නියෝජිතයන් එම කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය තාක්ෂණික සහාය දෙන බවට ද පොරොන්දු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment