ඉදිරි ජීවිත බේරාගන්න වෙන්ටිලේටර් 2000 ක් වත් ගන්න… රනිල් වික‍්‍රමසිංහ

317

කොරෝනා වෛරස් විකෘති ප‍්‍රභේදවලට ඉදිරියේදී ගොදුරු වෙත්ැයි අපේක්‍ෂා කරන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අඩුම වශයෙන් ශ්වසන ආධාර උපකරණ දෙදහසක්වත් සූදානම්කර ගැනීමට රජය කටයුතු කළයුතු බව එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (19 දා* පැවසීය.

 2019 වසරේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පවා ඇතුළත් කළ වෙන්ටිලේටර් අවශ්‍යතාවය කොරෝනා ඇරඹි මුල් අවස්ථාවේදීම යළිත් පෙන්වා දුන් බව ද රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය. ඒ අවස්ථාවේදීවත් රජය තමා පෙන්වා දුන් කරුණු ගැන සලකා බලා වෙන්ටිලේටර් නිෂ්පාදනයට පටන් ගත්තේ නම් මේ වනවිට අහිමි වෙමින් පවතින ජීවිත රැසක් බේරා ගැනීමට හැකියාව තිබූ බව ද සඳහන් කළේය.

 හිටපු අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19 දා* පෙරවරුවේ ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවැති සාකච්ඡුාවේදී ය.

 ලංකාවට සමාන ජනගහනයක් සිටින ඉන්දියාවේ කේරළය නොයෙක් උපක‍්‍රම මගින් වෙන්ටිලේටර් පන්දහසක් සපයා තිබෙන බව කී වික‍්‍රමසිංහ මහතා දැන් පවතින තත්ත්වය යටතේ ලංකාවට අඩුම තරමින් වෙන්ටිලේටෙර් දෙදහසක්වත් අවශ්‍ය බව ද කීය. හැකිනම් මෙම ප‍්‍රමාණය තුන්දහස දක්වා වැඩිකර ගැනීම සුදුසු බව ද හෙතෙම පැවසීය.

 වෙන්ටිලේටර් අටදහස දක්වා වැඩිකර ගැනීමට මහා බි‍්‍රතාන්‍යය ¥විලි ඉවත් කිරීමේ උපකරණ නිෂ්පාදනය කරන සමාගම්වලට පවා වෙන්ටිලේටර් නිෂ්පාදන කටයුතු භාර දී ඇතැයි ද කී රනිල් වික‍්‍රමසිංහ මහතා ශ්වසන ආධාරක උපකරණ වැඩිපුර නිෂ්පාදනය කරන චීනයෙන් හෝ එම උපකරණ කිහිපයක් ගෙන්වා නොගතහොත් ඔක්තෝබර් වනවිට රෝහල් පද්ධතිය උග‍්‍ර කඩාවැටීමකට ලක්වීමට හැකි බව ද සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment