ඉදිරි දැක්මක් සහිත මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් – මහ බැංකුව

70

ඉදිරි දැක්මක් සහිත මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් ළඟදීම ප්‍රකාශයට පත්කරන බව මහ බැංකුව කියයි.

ආර්ථිකයේ ඉදිරි දැක්ම ගැන මහජනතාව මනා ලෙස දැනුම්වත් කිරීම සඳහා මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එමඟින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගවල විනිවිදභාවය තවදුරටත් වැඩිදියුණු වනු ඇතැයි මහ බැංකුව පවසයි.

එසේම දැනට පවතින ඉහළ වෙළෙඳපොළ පොලී අනුපාතික ඉදිරියේදී පහළ යනු ඇති බව ද එහෙත් උද්ධමන පීඩනය සැලකිය යුතු ලෙස පාලනය වන තෙක් මුදල් තත්ත්වයන් අවශ්‍ය පරිදි දැඩිව පවතින බව ද මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment