ඉදිරි දිනවලත් වැසි

110

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ද දිවයින පුරා වැසි ඇති වියහැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මි. මීටර් 75 ට වැඩි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේ දී වැසි ඇතිවය හැකි බවද එම දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්‍ෂිකා ශිරෝමනි ජයවර්ධන මහත්මිය ‘දිවයින’ ට ඊයේ (02දා) පැවැසුවා ය.

අද (03දා) බස්නාහිර පළාතට අඩු වර්ෂාපතනයක් බලාපොරොත්තු වූවත් එය හෙට (04දා) සිට යම් වර්ධනයක් පෙන්නුම් කරමින් මි.මීටර් 75ට වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි ද ඇය කියා සිටියා ය.

එමෙන්ම මඩකළපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා කොළඹ දක්වා වන වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශය විටින්විට ඉතා රළු ස්වභාවයක් ගතහැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දී සිටී.
සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment