ඉදිරි දිනවල ඉන්දියාව හා පකිස්තානය පෙර නොවූ විරූ අයුරින් රත් වෙයි

392

දේශගුණික විපර්යාසයන් මත හටගන්නා ගෝලීය උණුසුම හේතුවෙන් ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ තරමේ දරාගත නොහැකි අධික උෂ්ණත්වයක් සහිත කාලගුණ තත්ත්වයක් ඉදිරි දිනවලදී වයඹදිග ඉන්දියාවේ හා පකිස්ථානයේ හටගැනීමට නියමිතව ඇති බව එක්සත් රාජධානියේ කාලගුණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ.

 වයඹ දිග ඉන්දියාවේ හා පකිස්ථානයේ මෙවැනි වාර්තාගත අධික උෂ්ණත්වයක් සහිත කාලගුණ තත්ත්වයක් ඉදිරි දිනවලදී හටගැනීමේ හැකියාව සිය ගුණයකින් වැඩි බව පෙන්වා දෙන මෙම අධ්‍යයනය සිදු කළ කාලගුණ විද්‍යාඥයෝ එසේ හටගන්නා අධික උණුසුම් කාලගුණ තත්ත්වය අදාළ රටවල වසර 2010 දී හටගත් මෙතෙක් වාර්තා වූ අධිකම උණුසුම් කාලගුණ තත්ත්වයට වඩා දරුණු වන බව අවධාරණය කර තිබේ. මෙහිදී ඇතැම් ප්‍රදේශවල දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් තරම් ඉහළ අගයක් වනු ඇති බවට අනාවැකි පළ වී තිබේ. මෙතැන් පටන් සෑම වසර තුනකටම වරක් මෙම අධික උණුසුම් කාලගුණ තත්ත්වය අදාළ ප්‍රදේශවල හටගනු ඇති බවත් දේශගුණික විපර්යාස සාධකය නොතිබුණේ නම් මෙවැනි අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් හටගනුයේ සෑම වසර 312කටම වරක් බවද අධ්‍යයනය සිදු කළ කාලගුණ විද්‍යාඥයෝ සඳහන් කර තිබේ. පසුගිය දිනවල උතුරු හා වයඹදිග ඉන්දියාවෙන් මෙන්ම පකිස්ථානයෙන් වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වූ අතර දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49ක් දක්වාද පකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 51 දක්වාද මේ යටතේ ඉහළ ගොස් තිබිණි. මෙම අධ්‍යයනය සිදු කළ ආචාර්ය නිකෝස් ක්‍රිස්ටිඩිස් ප්‍රමුඛ කණ්ඩායම සිය අධ්‍යයනයෙන් විශේෂයෙන්ම අවධාරණය කර ඇත්තේ මෙම ශත වර්ෂය අවසානයේදී ඉන්දියාවෙන් මෙන්ම පකිස්ථානයෙන් සෑම වසරකදීම මෙවැනි ඉහළ වාර්තාගත අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් වාර්තා වනු ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment