ඉදිරි දිනවල ඉන්ධන හිගය උග‍්‍ර වෙයි – නැව අවලංගු වෙයි

639

ඉදිරි දින දෙක තුනේදී ඞීසල් ඇතුළු ඉන්ධන හි`ගය තවත් උග‍්‍රවනු ඇතැයි තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

මෙරටට ගෙනැවිත් තිබු මෙටි‍්‍රක් ටොන් 37,500ක ඞීසල් ප‍්‍රමාණය අවසන් වෙමින් තිබෙන බවත් අද (01 දා* හා හෙට (02 දා* යම් ප‍්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කළ පසු ඞීසල් අවසන් විය හැකි බවටත් ගණන් බලා තිබේ. ඉන්ධන හි`ගයත් සමග විදුලි අර්බුදයද උත්සන්න විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

ඊයේ (28 වැනිද) මෙරටට ළඟා වීමට තිබූ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 38,000 ක් රැුගත් නෞකාව නොවැළැක්විය හැකි හේතුවක් මත අවලංගු වූ බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

එනිසා ඇණවුම්කර තිබෙන ඞීසල් නෞකා මෙරටට පැමිණ ඒවා ගොඩබා බෙදාහරින තුරු ඞීසල් හි`ගය තවදුරටත් පවතිනු ඇතැයි තෙල් සංස්ථා (සිපෙට්කෝ* ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘‘දිවයින’’ ට පැවසීය.

ඉකුත්දා මෙරටට ගෙනා ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,500 අඩංගු නෞකාව පසුගිය බදාදා (23 දා* නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 35.3ක මුදලක් ලබා දුන්නත් දැනට ඇණවුම් කර තිබෙන නෞකාවලට ඩොලර් සොයා ගැනීම ගැටලූවක් වී තිබේ.

ඒ අනුව මෙරටට ගෙනා මෙටි‍්‍රක් ටොන් 37500ක් අඩංගු නෞකාවේ තිබූ ඞීසල් ලීටර් 6000ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදුන් පසු ප‍්‍රවාහන කටයුතු සඳහා ඉතිරි වූයේ ටොන් 30,000ක් පමණි.

මේ හේතුවෙන් ඞීසල් බෙදා හැරීම සියයට හැටකින් පමණ සීමා කිරීමට තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම කටයුතු කළ අතර ඉකුත් කාලයේ රටපුරා බොහෝ ඉන්ධනහල්වල ඞීසල් පමණක් නොව පෙට‍්‍රල්වල හි`ගයක්ද මතුවී තිබිණි.

මෙනිසා කන්ටේනර් රථ 1500ක් පමණද, පුද්ගලික බස් රථවලින් අඩක් පමණද ලොරි රථ 700ක් පමණද ඉන්ධන නොමැතිව ධාවන කටයුතුවලින් ඉවත් කර තිබිණි. මේ අතර ඞීසල් හා පෙට‍්‍රල් අවසන්වීම නිසා බොහෝ වාහන අතරමග නතර වී තිබු බවට අප ප‍්‍රාදේශීය වාර්තාකරුවෝ වාර්තා කරති.

අද (01 දා) පෙට‍්‍රල් හා ඞීසල් ප‍්‍රමාණයක් රටපුරා පිහිටි ඉන්ධන හල් වෙත බෙදා හැරීමට කටයුතු යොදා තිබුණත් එය ඉල්ලූම සපුරාලීමට ප‍්‍රමාණවත් නොවනු ඇතැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ වනවිට කොළඹ වරායට පැමිණ තිබෙන මෙටි‍්‍රක් ටොන් 3500ක් අඩංගු පෙට‍්‍රල් නෞකාවකින් පෙට‍්‍රල් ගොඩබාන බවත් ඇණවුම් කර තිබෙන ඞීසල් නෞකා ඒමට තව දින දෙක තුනක් යනු ඇති බවයත් හෙතෙම සඳහන් කළේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment