ඉදිරි දින දහයේ විදුලිය බිඳවැටීම් විය හැකියි – ඇමැති රමේෂ් පතිරණ

118

විදුලිබල මණ්ඩලය මගින් කර ඇති යෝජනා අනුව ඉදිරි දින දහය තුළ ඇතැම් අවස්ථාවල විදුලිය බි`දවැටීම් සිදුවිය හැකි බව සම කැබිනට් ප‍්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.

නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් මේ වන විටත් අක‍්‍රීයව පවතින අතර එය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින නවයක් පමණ ගතවනු ඇතැයිද ඇමැතිවරයා කීය. මෙම තත්ත්වය තුළ දැනට ඉතිරිව තිබෙන දැවිතෙල් තොග ක‍්‍රමානුකූලව ලබා දෙමින් සපුගස්කන්ද බලාගාරය සකී‍්‍රයව පවත්වාගෙන යෑමට කටයුතු කෙරෙන බව කී ඇමැතිවරයා, ඉදිරි කටයුතු හො`දින් කළමනාකරණය කරගතහොත් තවත් දින දහයකින් අනතුරුව ඇතිවී තිබෙන ගැටලූ නිරාකරණය කරගැනීමට හැකිවනු ඇතැයි ද ස`දහන් කළේය. පුනර්ජනනීය බලශක්තිය ප‍්‍රවර්ධනය කිරීම රට සහ රජය හ`දුනාගෙන තිබෙන වැඩපිළිවෙළ වුවද දීර්ඝකාලීන වශයෙන් ඉදිරිපත් වූ ඊට අදාළ සැලසුම් හා යෝජනා විදුලිබල මණ්ඩලය තුළ එක්තැන්ව ඇති බවත්, ඒවා ඉදිරියට යමින් තිබෙන්නේ ඉතා මන්දගාමීව බවත් පැවසූ ඇමැතිවරයා, එයට හේතු වී ඇති කරුණු අද සියලූ දෙනා දැන සිටින්නේ යැයි ද පැවසීය.

 සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment