ඉදිරි දින 40 තුළ ඉන්දියාවේ කොරෝනා පැතිරීම උග්රවන බව සෞඛ්‍ය අමාත්‍ය මන්යුෂ් මන්දවියා අනතුරු අඟවා ඇත.
මුම්බායි නගරයේ කොරෝනා පැතිරීම සියයට 32 කින් වැඩිවී තිබේ. එසේම චීනය, ජපානය, දකුණු කොරියාව, ප්‍රංශය සහ බ්‍රසීලයේද කොරෝනා වැඩිවී ඇත. තමිල් නාඩුවට පැමිණි ගුවන් මගීන් දෙදෙනකුද කොරෝනා පරීක්ෂාවට ලක්කර තිබේ.
චීනයේ සිට ශ්‍රී ලංකාව හරහා චෙන්නායි ගුවන් තොටුපළට පැමිණි මවකට හා දියණියකටද කොරෝනා වැළඳී ඇත. මේ අතර ඉන්දීය රජය මුහුණු ආවරණය අනිවාර්ය කර තිබේ.
කීර්ති වර්ණකුලසූරිය