ඉදිරි දෙසතියේ කොරෝනා පොකුරු ඇතිවීමේ දැඩි අවදානමක්

155

* පාසල් සිසුන් සංවෘත පංති කාමරවල  ඉගෙනීමේදී දැඩි සැලකිල්ලක් දක්වන්න

* මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ  සංගමයේ සභාපති උපුල් රෝහණ


මේ දිනවල විශාල වශයෙන් පාසල් සිසුන් අතරින් ආසාධිතයන් වාර්තා වෙමින් පවතින බැවින් සංවෘත පන්ති කාමරවල ඉගෙනීම පිළිබඳ දැඩි සැළකිල්ලක් දක්වන්නැයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මේ දිනවල පාසල් සිසුන් කොවිඞ් ආසාධිතයන් බවට පත්වීම් සම්බන්ධව මාධ්‍යට විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් එ් මහතා එ් බැව් පැවසීය. මේ වනවිට වාර්තා වන රෝගීන් ප‍්‍රමාණය අවම මට්ටමක පැවතියත් වාර්තා නොවන  රෝගීන් ප‍්‍රමාණය අතිවිශාල විය හැකි බවද එ් මහතා පැවසීය.

එහිදී එ් මහතා මෙසේද පැවසීය.

එන්නත් ලබා නොගත් අය හා සමාජයේ පතුරවමින් පවතින මිත්‍යා මත හේතුවෙන් ලබාගැනීමට ප‍්‍රමාද කරන අය දැඩිසේ කොවිඞ් අවදානමට ලක්වෙමින් තියනවා. ඔමික්‍රෝන් ප‍්‍රබේදය එතරම් තීව‍්‍ර නොවන බවට මත පැතිරුණත් මේ වනවිට බොහෝ දෙනෙක් රෝහල් ගතවෙමින් සිටිනවා. එමෙන්ම යම් යම් රෝග ලක්‍ෂණ සහිතව රෝගීන් වාර්තා වෙමින් තියෙනවා.

දරුවන් නියමිත ප‍්‍රමාණයට වඩා සීමිත ඉඩකඩක රැු`දී සිටිනවානම් එ් පිළිබ`දව සැළකිලිමත්විය යුතුයි. එසේ නොවුනහොත් දරාගත නොහැකි අන්දමින් පොකුරු නිර්මාණය වීමේ ඉඩකඩක් පවතිනවා. එ් නිසා දෙමාපියන් වගේම විශේෂයෙන් ආචාර්යවරුන් දරුවන් පිළිබ`දව හා ඔවුන්ගේ සෞඛ්‍ය පිළිවෙත් පිළිබ`ද දැඩි අවධානයක් යොමුකළ යුතුයි.

එ් වගේම විවාහ මංගල උත්සව, ජනතා එ්කරාශීවූ තැන් හා රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතනවලින් දිගින් දිගටම ආසාධිතයන් වාර්තාවෙමින් පවතිනවා. ඉදිරි දෙසතියේ සිහිබුද්ධියෙන් සෞඛ්‍ය සම්පන්නව කල්නොගෙවූවහොත් රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය අංශවලට දරාගත නොහැකි අන්දමින් ආසාධියන් වැඩි වියහැකි යැයි පැවසීය.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment