ඉදිරි නව රජය සමග සාකච්ඡා ඇරඹීමට IMF‍ සූදානම්

180

ඉදිරි නව රජය පත් කිරීමෙන් පසු ප්‍රතිපත්තිමය කරුණු ගැන සාකච්ඡා ආරම්භ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව එම අරමුදලේ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි මහතා පවසයි.
එසේම මේ වන විට ශ්‍රී ලංකාව සමග තාක්ෂණික මට්ටමේ සාකච්ඡා, ඉකුත් මැයි 09 දින මාර්ගගත ක්‍රමයට ආරම්භ කළ බවද ඔහු සඳහන් කරයි. එම මාර්ගගත සාකච්ඡා, මැයි 23 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මේ අනුව අදාළ තාක්ෂණික සාකච්ඡා ඉදිරියට ගෙන ගොස් නව රජයක් පිහිටුවා ගැනීමෙන් පසු මූල්‍ය පහසුකමක් සඳහා වන ප්‍රතිපත්තිමය සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment