ඉදිරි සියලු ඡන්දවලට උත්තර සභාගය තරග කරනවා – විමල් වීරවංශ

145

පොහොට්ටුවේ සුජාතභාවයක් තිබෙන අයටත් විවෘතයි

“උත්තර ලංකා සභාගය, ඉදිරියේ එන සෑම මැතිවරණයකටම තරග කරනවා” යැයි එම සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. එමෙන්ම අනිකුත් පක්ෂවල සිටින යම් සුජාතභාවයක් තිබෙන පිරිස උත්තර සභාගයට පිළිගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

උත්තර ලංකා සභාගය පසුගිය 09 වැනිදා පෙරවරුවේ බොරැල්ල රාජගිරිය පාරේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද කීය.

උත්තර ලංකා සභාගය හැටියට අපි ඉදිරියේ එන සෑම මැතිවරණයකටම තරග කරනවා. ඒ වගේම උත්තර ලංකා සභාගයට පොහොට්ටුව කියන පක්ෂය සම්බන්ධ කරගන්න අපේ කිසිම සූදානමක් හෝ අදහසක් නැහැ. නමුත් ඒ කණ්ඩායම් ඇතුළේ ඉන්න යම් යම් සුජාත භාවයක් තියෙන පිරිස් ඒ කියන්නෙ අපත්‍ය කෑමක් කෑවොත් ඔක්කාරයට එන පිරිස්, සමහරු ඉන්නවානේ අපත්‍ය කෑමත් කිසිම ඔක්කාරයක් නෑ, ඒකත් හොඳට දිරවන කට්ටිය. එහෙම නැති පිරිස් ඉන්නවානේ. අන්න ඒ අය ආවොත් අපි සාදරයෙන් පිළිගන්නවා. හැබැයි කවුරු එකතු කරගෙන වුණත් ඒ ප්‍රගතිශීලී බලවේග අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එකඟ වෙන්න ඕන. මේකත් එක්ක තමයි එකතු වෙන ඕනෑම කෙනෙක් එකතු වෙන්න ඕන. මේක තමයි මූලික පදනම. ඒක අතට අරන්නේ මේ වැඩේ අපි පටන් අරගෙන තියෙන්නෙ. ඒ නිසා ඔය කියන පොහොට්ටුවක් මොකක්වත් සම්බන්ධ නෑ. අපි උත්තර ලංකා සභාගය හැටියට අනිවාර්යයෙන් තරග කරනවා.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment