ඉන්දියන් රුපියල් එයි

1340


සාර්ක් කලාපය තුළ වෙළෙඳ කටයුතු සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල් නම් කරන ලද විදේශ මුදල් ඒකකයක් ලෙස මෑතකදී පිළිගැනීමත් සමග, ලංකා බැංකුව සිය චෙන්නායි ශාඛාව සමග ඉන්දියානු රුපියල්වලින් සිය පළමු නොස්ට්‍රෝ ගිණුම විවෘත කෙරිණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලංකා බැංකුව විසින් මෙම නව ක්‍රමවේදය හරහා ඉන්දියාව සමග ඉන්දීය රුපියල්වලින් පළමු ගනුදෙනුව සිදු කරන ලද අතර, එමගින් මෙරට විදේශ වෙළෙඳ ක්ෂේත්‍රය තුළ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින්, එවැනි ගනුදෙනුවක් සිදු කළ පළමු ශ්‍රී ලාංකේය බැංකුව බවට ලංකා බැංකුව පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment