ඉන්දියානු නව ප‍්‍රභේදයේ 5 ක් මෙරටින් හමුවෙයි

130

සමන් ගමගේ
 
 අතිශය මාරාන්තික සහ ශීඝ‍්‍රයෙන් පැතිර යන බවට සෞඛ්‍ය විශේෂඥයන් විසින් හ`දුනා ගනු ලැබූ ඉන්දීය කොරෝනා වෛරස් ප‍්‍රභේදය හෙවත් බී. 1.617.2 ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය ප‍්‍රථම වතාවට මෙරට සමාජයෙන් හ`දුනාගත් බව ඊයේ (17 වැනිදා* තහවුරු කෙරිණි.
 
 ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්ති විiාව සහ ෙසෙල ජෛව විiා ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා විසින් මේ බව අනාවරණය කරනු ලැබීය.
 
 ඔහු සිය ‘ට්විටර්’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ කොළඹ දෙමටගොට ආරාමය පෙදෙසේ පුද්ගලයන් පස්දෙනකුගෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ට බී. 1.617.2 ඉන්දීය ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවය.
 
 මෙරට කොරෝනා තුන්වැනි රැල්ලත් සමග මේ වන විට භයානක ලෙස පැතිර යමින් තිබෙන බි‍්‍රතාන්‍යයෙන් හ`දුනාගත් බී 1.1.7. ඇල්ෆා කොරෝනා ප‍්‍රභේදයටත් වඩා ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය සියයට 50ක ශීඝ‍්‍රතාවකින් පැතිර යන බව ද චන්දිම ජීවන්දර මහතා ස`දහන් කරයි.
 
 එසේම අතිශය භයානක බරපතළ හානි ගෙන දෙන මෙම ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය එකම ස්ථානයක පුද්ගලයන් අතරින් ලබාගත් ජෛව සාම්පලවලින් වාර්තාවීම බරපතළ තත්ත්වයක් බව ද ඒ මහතා පෙන්වා දෙයි.
 
 පසුගිය කාලයේ ඉන්දියාවෙන් විශාල කොරෝනා මරණ සංඛ්‍යාවක් මෙම ඩෙල්ටා ප‍්‍රභේදයේ ව්‍යාප්තියත් සමග වාර්තා වූ අතර එම වෛරසය ආසාදනය වන පුද්ගලයන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වන බව ද සෞඛ්‍ය විශේෂඥයෝ ස`දහන් කරති.
 
 පසුගිය දිනවල මෙම ඉන්දීය ඩෙල්ටා කොරෝනා වෛරස් ප‍්‍රභේදය ඇමරිකාවෙන් සහ එංගලන්තයෙන් ද වාර්තා වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ස`දහන් කරනු ලැබුවේ දැනටමත් ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය ලොව රටවල් රැුසක පැතිරී තිබෙන බවකි.
 
 එමෙන්ම එම වෛරස් ප‍්‍රභේදය විවිධාකාරයේ විකෘති තත්ත්වයන්ට පත්ව ශීඝ‍්‍රයෙන් පැතිර යන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබුණු අතර ඒ අන්දමට සිදුව තිබූ ඩෙල්ටා ප‍්‍රභේදයේ තවත් මාරාන්තික විකෘතියක් මේ වන විට ඉන්දීය විශේෂඥයන් විසින් හ`දුනාගෙන ඇත.
 
 ඇතිවී තිබෙන මෙම අලූත්ම තත්ත්වයත් සමග ලබන 21 වැනිදා පවතින සංචරණ සීමා ඉවත් කරමින් රට විවෘත කිරීමේ හැකියාවක් ලැබේදැයි යන ගැටලූවට ද මේ වන විට සෞඛ්‍ය බලධාරීහු මැදිව සිටිති.
 
 පෙරට වඩා අලූතින් රෝගීන් වාර්තා වීමේ අඩුවක් තිබුණද ඉලක්කම් දෙස පමණක් බලා සියලූ දේ නිවැරදිව කළ යන නිගමනයට ඒමේ හැකියාවක් නොමැති බව මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ඊයේ ස`දහන් කළේය.
 
 එසේම මේ වන විට පීසීආර් පරීක්‍ෂණ සම්බන්ධයෙන් නව ක‍්‍රමවේදයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් හ`දුන්වා දී තිබෙන අතර එමගින් අහඹු පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමේ හැකියාව ඉහළ යන නිසා එම පරීක්‍ෂණ වාර්තා අනුව ලබන 21 වැනිදා රට විවෘත කරන්නේද නැද්ද යන්න තීරණය කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ස`දහන් කරයි.
 
 නොසිතූ අන්දමට මේ ආකාරයෙන් රට භයානක තත්ත්වයකට පත් වෙමින් තිබියදී මෙරට තුන්වැනි කොරෝනා රැල්ලෙන් තවත් ආසාදිතයන් 2361 දෙනකු අලූතින් හ`දුනා ගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ සවස නිවේදනය කළේය.
 
 ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනා ගනු ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවද දෙලක්‍ෂ තිස්එක්දහසේ සීමාව ඉක්මවා යමින් 231757 ක් ලෙස වාර්තා විය.
 
 එසේම ඉකුත් 15 වැනිදා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 59 දෙනකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කර ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය.
 
 කාන්තාවන් 28 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 31 දෙනකු මෙසේ මරණයට පත්ව ඇති අතර එම මරණ 59 ත් සම`ග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන ද දෙදහස් තුන්සියයේ සීමාව ඉක්මවා යමින් 2374 දක්වා ඉහළ ගියේය.
 
 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 1289 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ පස්වරුවේ නිවේදනය කළ අතර ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු මේ දක්වා මෙරට පූර්ණ සුවය ලද පිරිස 195434 කි.

advertistmentadvertistment
advertistmentadvertistment