ඉන්දියානු ප‍්‍රභේදයේ ආසාදිතයකු එළියට ගියොත් 6 දෙනෙකුට බෝවෙනවා…. රෝග ලක්‍ෂණත් වෙනස්…. එංගලන්ත පර්යේෂකයෝ හෙළි කරති

205

දැනට ලොව වේගයෙන්ම පැතිර යන මාරාන්තික කොරෝනා වෛරස් ප‍්‍රභේදය ලෙස සැලකෙන ඉන්දියානු ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය ආසාදනය වූ අයකු එළිමහනට ගිය විට එකවර පහසුවෙන් තවත් 06දෙනකුට පමණ වෛරසය පැතිරවීමේ හැකියාව පවතින බව එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබේ.
 
 තරුණ අයකුට මෙම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ විට එය නරක් වූ සෙම්ප‍්‍රතිශ්‍යාවක් සේ දිස් වන අතර වෛරසයේ රෝග ලක්ෂණ පිළිබඳව බලධාරීන් විසින් ජනතාව නිවැරදි ලෙස දැනුවත් නොකළහොත් ඔවුන් එය නොසලකා හැරීමට ඉඩ ඇති බව එංගලන්ත මහාචාරය ටීම් ස්පෙක්ටර් පවසයි.
 
 මේ වන විට ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය ඉන්දියාවේ පැතිර ගොස් ඇති එම වෛරස් ප‍්‍රභේදයට වඩා හාත්පසින්ම වෙනස් ලෙස හැසිරෙන්නට පටන් ගෙන තිබෙන බව පෙන්වා දෙන මහාචාර්ය ස්පෙක්ටර් හඳුන්වා දී ඇති උපාංගයක් හරහා ‘ඩෙල්ටා’ වෛරස් ප‍්‍රභේදය පිළිබඳව ලොව පුරා මිලියන 4කට අධික පිරිසකගෙන් රැුස් කරගත් තොරතුරුවලින් මේ බව අනාවරණය වූ බව සඳහන් කර සිටියි.
 
 මෙතෙක් එම ප‍්‍රභේදයේ දක්නට ලැබුණු ප‍්‍රධානතම රෝග ලක්ෂණයන් වූ උණ, වියළි කැස්ස හා ගඳ /සුවඳ /රස නොදැනීම මේ වන විට ප‍්‍රභේදය ආසාදනය වූ අයකු තුළ අඩුවෙන්ම දක්නට ලැබෙන රෝග ලක්ෂණ බවට පත්ව ඇති බවද ඔහු විසින් අවධාරණය කර තිබේ. මේ වන විට ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයේ දක්නට ලැබෙන ප‍්‍රධානතම රෝග ලක්ෂණ ලෙස හඳුනා ගෙන ඇත්තේ හිසරදය, උගුර රිදීම හා නාසයෙන් සොටු දියර ගැලීම වන අතර, මේවා අතරින් ප‍්‍රධානතම රෝග ලක්ෂණය වී ඇත්තේ හිසරදය බව හෙතෙම සඳහන් කර තිබේ.
 
 සියලූ දේ එපා වූ ආකාරයක් දිස්වීමේ තත්ත්වයක් ද මෙම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ අය අතර දක්නට ලැබෙන බවත් මෙම රෝග ලක්ෂණ සුළු වශයෙන් හෝ යමකු තුළ දක්නට ලැබුණහොත් වහාම කොරෝනා පරීක්ෂණයක් සිදු කර ගැනීමට එම තැනැත්තා පියවර ගත යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment