ඉන්දියානු මානුෂීය ආධාර දිවයිනට

195

ඉන්දීය රජයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු රුපියල් බිලියන දෙකක (රුපියල් කෝටි 200) මානුෂීය ආධාර තොගය ඊයේ (22දා) නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාරදුන්නේය.

 ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමාසාරිස්  ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේදී ඊයේ සවස මෙම ආධාර තොගය භාරදීම සිදුවිය.

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් පරිදි ඉන්දියාවෙන් මෙම ආධාර තොගය ලැබී ඇති අතර මෙම මානුෂීය ආධාර තොගය රැගත් නෞකාව ඊයේ උදේ දිවයිනට ළඟාවිය.

 සහල් මෙටි්‍රක් ටොන් 9,000 ක්, කිරිපිටි මෙටි්‍රක් ටොන් 50 ක්, ඖෂධ සහ වෛi උපකරණ මෙටි්‍රක් ටොන් 25 ක් එම ආධාර තොගයට අයත් වේ.මෙම අවස්ථාවට විදේශ ඇමැති මහාචාර්ය ජී. ඇල්. පීරිස්, වරාය නාවික සහ සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු ඇමැතිවරුන් වන වජිර අබේවර්ධන, සාගල රත්නායක (අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි) සෙන්තිල් තොන්ඩමන්, ආහාර කොමසාරිස් ජේ. ක්‍රිෂ්ණමූර්ති යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment