ඉන්දියානු යූරියා ප්‍රමිතියට නැත්නම් නීතිය හරස් වේවි

171

ඉන්දියාවෙන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති යූරියා පොහොර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් දක්වා ඇති ප්‍රමිතියට හා පොහොර පනතට අනුගත නොවන්නේ නම් රටට ගොඩ බෑමේදී නීතිමය ගැටලුවකට මැදිහත් වීමට ඉඩ තිබෙන බව ජාතික පොහොර උපදේශන කමිටු සාමාජික හා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසයි.

පොහොර පනත අනුව යූරියා පොහොරවල බයියුරේට් ප්‍රතිශතය සියයට එකක් (01%) විය නමුත් ඊට වඩා වැඩි ප්‍රතිශතයක් ඇති යූරියා ආනයනය කළහොත් මෙසේ නීතිමය ගැටලුවක් ඇති විය හැකි බව දිවයින කළ විමසීමක දී මහාචාර්යවරයා පැවසීය. ඉන්දියානු ණය ක්‍රමය යටතේ යූරියා මෙටි්‍රක් ටොන් 65000 ක් කඩිනමින් ගෙන්වීමට රජය ක්‍රියා කරගෙන යන අතර, එහි අඩංගු බයියුරේට් ප්‍රතිශතය සියයට 1.5 ක් බව කියනු ලැබේ. යල කන්නය ගෙවී යන බැවින් දැන් කඩිනමින් යූරියා ගෙන්වීමේ අවශ්‍යතාව අවම බව ද, කළ යුතුව ඇත්තේ මහ කන්නය සඳහා ප්‍රමිතියෙන් උසස් යූරියා පොහොර රුසියාව වැනි රටකින් අඩු මිලකට ලබා ගැනීමට රජය කටයුතු කිරීම බව ද මහාචාර්ය යාපා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment