ඉන්දියානු රජයේ ආයුෂ් ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවේ

249

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 2023-24 අධ්‍යයන වර්ෂය සඳහා උපාධි සිට ආචාර්ය උපාධි දක්වා ආයුෂ් (AYUSH) ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයන්ගෙන් පහත සඳහන් පරිදි අයදුම්පත් කැඳවා ඇත.

ආයුර්වේදඋපාධි සිට ආචාර්ය උපාධි දක්වා
යුනානිඋපාධි සිට ආචාර්ය උපාධි දක්වා
හෝමියෝපතිඋපාධි සිට පශ්චාත් උපාධි දක්වා
සිද්ධඋපාධි සිට පශ්චාත් උපාධි දක්වා
යෝගාB.Sc/B.A (යෝගා ශාස්ත්‍ර)/PhD

ආයුර්වේද, සිද්ධ, යුනානි සහ හෝමියෝපති උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අ.පො.ස උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයන් සමත්ව තිබිය යුතු ය. යෝගා B.Sc සහ B.A (යෝගා ශාස්ත්‍ර) සඳහා අයදුම් කරන අයදුම්කරුවන් ඕනෑම අංශයකින් අ.පො.ස උසස් පෙළ සමත්ව තිබිය යුතු ය.

ආයුර්වේද, සිද්ධ, යුනානි සහ හෝමියෝපති පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අයදුම් කරන අයදුම්කරුවන් ඉන්දියානු වෛද්‍ය මධ්‍යම කවුන්සිලය (Central Council of Indian Medicine – CCIM) විසින් පිළිගන්නා උපාධියක් සමත්ව තිබිය යුතු ය. ආයුර්වේද, යුනානි සහ යෝගා PhD පාඨමාලා සඳහා අයදුම් කරන්නන් ඉන්දියානු වෛද්‍ය මධ්‍යම කවුන්සිලය විසින් පිළිගත් අදාළ ක්ෂේත්‍රයේ උපාධියක් (Bachelor’s Degree) සහ පශ්චාත් උපාධියක් (Master’s Degree) සමත්ව තිබිය යුතු ය.

මෙම ශිෂ්‍යත්ව විසින් සම්පූර්ණ පාඨමාලා ගාස්තු ආවරණය කෙ‍රෙන අතර පාඨමාලාවේ සමස්ත කාල සීමාව සඳහා මාසික ජීවන වියදම් දීමනාවක් ද ලබා දේ. මෙයට අමතරව නවාතැන් සඳහා දීමනාවක් සහ වර්ෂික ප්‍රදානයක් ද ලබා දේ.

ICCR A2A වෙබ් අඩවිය (www.a2ascholarships.iccr.gov.in) හරහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කළ හැකි අවසාන දිනය 2023 මැයි 31 වන දින වේ. වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 011-2421605, 011-2422788 හා011-2422789 ඔස්සේ කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශය අමතන්න. නැතිනම් edu.colombo@mea.gov.in ලිපිනයට ඊ-මේල් කරන්න.

advertistmentadvertistment
advertistmentadvertistment