ඉන්දියානු සාගරය තුළ ඇමරිකානු අවශ්‍යතාව ඉටුකරන්න බැසිල් ලාංකික භූමිය යොදාගෙන – වාසුදේව නානායක්කාර

213

බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා ඇමරිකානු අවශ්‍යතාව ඉන්දියානු සාගරය තුළ කි‍්‍රයාත්මක කිරීම සඳහා ලාංකික භූමිය යොදා ගැනීමේ අභිලාෂයෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා ඊයේ (18 දා) පැවසීය.

වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ බොරැුල්ල ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පක්‍ෂ 11 ක සන්ධානයේ නායකයන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ නානායක්කාර මහතා ඇමරිකානු පුරවැසිභාවය තබා

ගැනීම සඳහා බැසිල් රාජපක්‍ෂ මහතා දිගින් දිගටම පෙනී සිටියා. ඇමරිකානු පුරවැසිකම ලබා ගැනීමේදී ඒ රටට පක්‍ෂව කටයුතු කරන බවට දිවුරුමක් ලබාදිය යුතුයි. බැසිල් පැමිණීමෙන් වැඩිකල්

නොගොස්ම අපට ඔහුගේ න්‍යාය පත‍්‍රය කුමක්ද කියන එක තේරුම් ගියා.

මේ ඇතිවෙලා තිබෙන්නේ ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්නයක්.

සෞභාග්‍යයේ දැක්මේ සිට නව ලිබරල්වාදයට පිනුම් ගහන විට ඒක අපට ප‍්‍රශ්නයක් වූවා. මොකද අපි පිළිගන්නේ සෞභාග්‍යයේ දැක්ම. මෙම කාරණය මාර්තු 2 දා රැුස්වීමක් තබා අපි රටට කිව්වා. ඊට පසුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල තනතුරුවලින් ඉවත් කළා. එම ඉවත් කිරීම අපට ආණ්ඩුව පිළිබඳව ප‍්‍රශ්නයක් ඇති කිරීමට හේතු වූවා.

මම තවම ඇමැතිවරයෙක් ඉවත් කරලා නැහැ. එම ධුරයේ කටයුතුවලින් ඈත්වෙලා ඉන්නේ. අවශ්‍යම මොහොතක ජනතාවගේ කටයුත්තක් ඉටුකරලා දෙනවා.

මෙම මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

අව්වේ වේලෙමින් වැස්සට තෙමෙමින් ජනතාව අද ඞීසල් පෝලීම්වල ගෑස් පෝලීම්වල බෙහෙත් පෝලීම්වල දුක් විඳිනවා. එහෙම දුක් විඳින්නේ මුදල් ඇමැතිගේ වරදින්. පසුගිය වසරේ අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20.6 යි. ඒක ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම ආනයන අගයක්. එයින් ඛනිජ තෙල්, ගල් අඟුරු, ගෑස්, ඖෂධ සහ වෛi උපකරණ යන අත්‍යවශ්‍ය භාණ්ඩවලට වැය කරලා තිබෙන්නේ ඩොලර් බිලියන 4.6 යි. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 6 කට ආසන්න මුදලක් වැය කරලා. අපි දිගින් දිගටම ඉල්ලා සිටි පරිදි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමා කළා නම් ගෑස්, තෙල් වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනාපු නැව් ඩොලර් නැතුව මුහුද මැද නතර කරගෙන ඉන්න වෙන්නේ නෑ. ජනතාවට තමන්ගේ කාලය පෝලීම්වල නාස්ති කරන්න වෙන්නේ නෑ.

2020 ඔක්තෝබර් මාසයේදී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළා. නමුත් ඒක මුදල් අමාත්‍යාංශය කි‍්‍රයාත්මක කළේ නෑ. 2021 ඔක්තෝබර් 1 දා මහ බැංකුව විසින් ආර්ථිකය ගොඩදාන මාස හයක සැලසුමක් හදලා මුදල් ඇමැතිට දුන්නා. මේකට ඇමැති මණ්ඩල අනුමැතිය අරන් දෙන්න කියලා. නමුත් අද වනතුරු ඒක ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළේ නෑ. ඒ නිසා තමයි මුදල් ඇමැති විසින් ඕනෑකමින් අපේ ආර්ථිකය කඩා වට්ටමින් ඉන්නවා කියා අපි චෝදනා කරන්නේ.

ඉන්ධන මිල ඉහළ නැංවීමට වඩාත් බලපෑ රුපියල පා කිරීමේදී මෙතරම් දරුණු කඩා වැටීමක් සිදුවුණේ රුපියලේ විනිමය අනුපාතය වසරකට වඩා වැඩි කාලයක් කෘතිමව අල්ලාගෙන සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි. දැන් ඩොලරයට කෙතරම් රුපියල් ගෙව්වත් බැංකු පද්ධතිය අත්හැර ගිය පිරිස් නැවත ගෙන්වා ගැනීම ලෙහෙසි නෑ.

මැදපෙරදිග රස්සාව කරන ලාංකිකයෙක් ඒ රටේදී කළු වෙළෙඳ පොළට ඩොලර් සීයක් දුන්නොත් පැය කිහිපයක් ඇතුළත ලංකාවේ ගමේ ඉන්න අම්මාට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඊට පස්සේ තාත්තාගේ බෙහෙත් තුණ්ඩුව වට්ස්ඇප් කර ගන්නවා. අම්මාගේ කඩෙන් ගන්න බඩු ලැයිස්තුව වට්ස්ඇප් කර ගන්නවා. දවස ඇතුළත බඩුත් අරගෙන ගෙදරට යනවා. ඉතිරි සල්ලි අම්මා අතට දීලා ලදුපතක් අත්සන් කර ගන්නවා. ඊට පස්සේ අම්මා තාත්තා එක්ක ඉඳලා සෙල්ෆියක් අරගෙන සෙල්ෆියයි බිල් ටිකයි අම්මා අත්සන් කළ ලදුපතයි පුතාට වට්ස්ඇප් කරනවා.

දැන් බැංකුවෙන් ඩොලරයට

රු. 275 ක් ගෙවනවා කියලා මේ තරුණයා නැවත බැංකු පද්ධතිය හරහා ලංකාවට සල්ලි එවයිද? කළු කඩෙන් ලබාදෙන සේවය බැංකුවලට ලබාදෙන්න පුළුවන්ද? බැංකුවට සල්ලි එව්වාම සල්ලි එවලා දවසක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා ගිණුමට සල්ලි එනතුරු. සල්ලි බැංකුවෙන් ගන්න අම්මාට පෝලිමේ ඉන්න වෙනවා. ඊළඟට ෆාමසියේ සුපිරි වෙළෙඳ සලේ පෝලීම්වල ඉන්න වෙනවා. වයසක අම්මාට ඒ දුක දෙනවාට වඩා හොර ක‍්‍රමයට සල්ලි එවන්න පුතා කැමතියි.

මේ හේතුවලට අමතරව බරපතළ ලෙස මුදල් අච්චු

ගැසීම, උද්ධමන වේගයට වඩා අඩු අනුපාතයකින් පොලිය පවත්වාගෙන යෑමෙන් ජනතාව ඉතිරි කිරීම වෙනුවට පරිභෝජනයට පෙළැඹීම, අපනයන ආදායම සහ ආනයන වියදම අතර දැවැන්ත පරතරයක් පවත්වාගෙන යෑම සහ ආනයන භාණ්ඩ මත රැුඳෙන වැඩ ලක්‍ෂය වැනි නව ව්‍යාපෘති ඇරඹීම වැනි ආර්ථික විiාත්මක කාරණා

ගණනාවක් රුපියල බරපතළ ලෙස කඩා වැටීමට බලපා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමි –

මේ වන විට රට ආර්ථික අර්බුදයකට පමණක් නොවෙයි දේශපාලන අර්බුදයකටත් මුහුණදී සිටිනවා. සන්ධානයක් ගොඩනැඟුවා. නමුත් කවදාවත් එම සන්ධානය රැුස්වෙලා සාකච්ඡුා කරන්නේ නැහැ.

යම්කිසි ජනාධිපතිවරයකු හෝ කැබිනට් මණ්ඩලයක් පවතින්නේ යම්කිසි දේශපාලන සංස්කෘතියක් තුළ වර්තමාන ජනාධිපතිතුමා අසමත් වී තිබෙනවා එම දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන යන්න. තමන්ව බලයට පත් කළ සමාජ සංවිධාන, දේශපාලන පක්‍ෂ, දේශපාලන බලවේග, සිවිල් සංවිධාන සමග මෙම අර්බුදය පිළිබඳව සාකච්ඡුා කිරීමටත් ජනාධිපතිතුමා කටයුතු කර නැහැ. පවතින අර්බුදයට විසඳුමක් ඉල්ලූ විට ඇමැතිවරුන්ට පහින් ගහලා දොට්ටදාන තත්ත්වයට ආණ්ඩුව පත්වී තිබෙනවා. එම නිසා පවතින ආර්ථික අර්බුදයට වඩා දේශපාලන අර්බුදයද බලවත් වී තිබෙනවා. රටක් අර්බුදයට යන විට නම්‍යශීලීව සියලූ දෙනා සමග කටයුතු කළ යුතුයි. නමුත් මේ ආණ්ඩුව පවුලේ කෑම මේසය තුළ පවතින අර්බුදයට විසඳුම් සොයන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. එහි ප‍්‍රතිඵල දැන් ජාතියටම භුක්ති විඳින්න සිද්ධවී තිබෙනවා. මෙම තත්ත්වය තුළ රට තුළ ලේ හැලෙන කැරලිකාරී අරාජික තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ වගේම මෙම තත්ත්වය තුළ අපගේ සම්පත් භූමිය විදේශ බලවේග අත්සන් කර ගැනීමට ඉඩ තිබෙනවා. ඒ වගේම මෙම තත්ත්වය ජාතික, ආගමික ව්‍යසනයක් කරා විවිධ බලවේග මෙහෙයවීමට ඉඩ තිබෙනවා. එබඳු අනතුරක් හමුවේ තමයි අද අපේ රට තිබෙන්නේ. එමනිසා තමයි අපත් සමග සිටින පක්‍ෂ 11 සෑම අඟහරුවාදාම රැුස්වෙලා දේශපාලන විසඳුමක් රට හමුවේ තැබීමටත් මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡුා කිරීමටත් තීරණය කළේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර මහතා-

මේ ආණ්ඩුවේ බල සුක්කානම මෙහෙයවන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා. ඒ වගේම ඔබ කවුරුත් දන්නවා ජනාධිපති පත්වන්නේ මේ නිසා 69 ලක්‍ෂයක ජනවරමින්. ඒ වගේම පාර්ලිමේන්තුවේ 2/3 ක බලයකුත් ලැබුණා.

නමුත් බල සුක්කානම මෙහෙයවන බැසිල් මහතාට මෙම ජනවරම ගැන වගේ වගක් නැහැ. කැක්කමකුත් නැහැ. බැසිල් මහතාගේ නම ජාතික ලැයිස්තුවේ තිබුණෙත් නැහැ. තිබුණා නම් පාර්ලිමේන්තුවේ 2/3 බලය නොලැබෙන්නත් තිබුණා.

මෙම මාධ්‍ය හමුවේදී ලංකා සමසමාජ පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය තිස්ස විතාරණ, ශී‍්‍ර ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් වෛi ඩබ්. වීරසිංහ මහතාද අදහස් දැක්වීය.

එරික් ගාමිණි ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment