ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීමට ජනපති අබුඩාබි යයි

152


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී ඉන්දියානු සාගර සමුළුව ආරම්භ කෙරිණ.
පරිසරයල ආර්ථිකය, වසංගතය, යන්න තේමා කර ගනිමින් පස්වන සමුළුව හෙට සහ අනිද්දා දෙදින තුළ අබුඩාබිහි දී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment