ඉන්දියානු හොකී ලීග් තරගාවලිය එයි

35

වසර පහක නිහඬතාවයකින් පසුව ඉන්දියානු හොකී සම්මේලනය ඉන්දියානු හොකී ලීග් තරගාවලිය (I.H.L.) බල ගැන්වීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව සංවිධානය කෙරෙන මීළඟ “I.H.L.” තරගාවලිය එළඹෙන 2025 ජනවාරි මස නවදිල්ලි නුවර “දයාන් චාන්ඩ්” ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙවර තරගාවලිය කණ්ඩායම් 08 ක් අතරේ ක්‍රියාත්මක කිරීමට සංවිධායකයන් අදහස් කර තිබේ.

පළමු වටය දෙවන වටය සහ තෙවන වටය ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන අතර පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අවසන් පූර්ව වටය පැවැත්වේ. සුවිශේෂතම දක්ෂතා ප්‍රදර්ශනය කරන කණ්ඩායම් 04 අතරේ අවසන් පූර්ව වටය ක්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment