ඉන්දියාවට එරෙහි අපේ කණ්ඩායම 100 ක්ම සුරක්ෂිතයි… ශ‍්‍රී ලකාව ඉන්දියාවට දැනුම්දෙයි

187

සංචාරක ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට කොවිඞ් තර්ජනයක් එල්ලවිය හැකි කණ්ඩායමක් තරගාවලිය සඳහා යොදවන්නෙ නැති බව ශ‍්‍රී ලංකාව ඉන්දීය බලධාරීන්ට දැනුම් දී ඇත.
 
 තම කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ව කොරෝනා අවදානමට නතු නොවී තරගාවලිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ගෙන ඇති සැලසුම් පිළිබඳව එරට ඉන්දීය බලධාරීන් විසින් ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා කරන ලද විමසීමකට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකාවෙන් ඉන්දියාවට ඒ බව දැනුම් දීමට නියමිතය.
 
 ඒ අනුව ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට ඊයේ (13 වැනිදා* ලිඛිතව ඒ බව දැනුම්දී ඇති අතර විදේශ කටයුතු අමාත්‍යාංශය එම ලිඛිත දැනුම් දීම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දීමට කටයුතු යොදා ඇත.
 
 කොවිඞ් අවදානමෙන් තම ක‍්‍රීඩකයන්ව ආරක්‍ෂා කරගැනීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් දැඩි විමසිල්ලෙන් සිටින බවත් ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සංචාරය කරන ලද එංගලන්ත කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කිහිපදෙනකුට කොවිඞ් වැළඳීමෙන් අනතුරුවද ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය පිළිබඳ ඉන්දීය බලධාරීන් විමසා ඇත.
 
 ශ‍්‍රී ලංකා – ඉන්දියා තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාවෙන් යොදවන්නේ කොවිඞ් නැති බවට සියයට සියයක් තහවුරු කර ගත් ක‍්‍රීඩකයන් බවත් ඒ අනුව තමන්ගෙ කණ්ඩායම පිළිබඳව අවදානමක් තබා ගන්න එපා යැයි ශ‍්‍රී ලංකාවෙන් එරටට දැනුම් දීමට නියමිතය.
 
 මේ අතර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර කි‍්‍රකට් තරගාවලි දෙකේ තරග ආරම්භක වේලාවන් වෙනස්කර ඇත. ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන දිවා – රාත‍්‍රී එක්දින තරගයක් ආරම්භ කරන නියමිත වේලාව ප.ව.2.30 වුවද තරග තුනකින් යුත් ඉන්දියා – ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ සියලූ තරග ප.ව.3.00 ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. පන්දුවාර 20-20 තරගයක් ආරම්භවන සාමාන්‍ය වේලාව ප.ව.7.00 වුවද තරග තුනකින් යුත් එම තරගාවලියේ සියලූ තරග රාත‍්‍රී 8.00 ට ආරම්භ කෙරේ.
 
 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල මේ මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත අතර
 
 ශ‍්‍රී ලංකා ඉන්දියා එක්දින තරගාවලියේ අවසන් තරගය ද ලබන 23 වැනිදා පැවැත්වේ. පන්දුවාර 20-20 තරගාවලිය ලබන 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන බැවින් ඔලිම්පික් ක‍්‍රීඩා තරග විකාශය කෙරෙන වේලාවන් මඟ හැර කි‍්‍රකට් තරග නැරඹීමට පේ‍්‍රක්‍ෂකයන්ට අවස්ථාව සලසා දීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
 
 ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලිය ඊයේ (13 වැනිදා* ආරම්භ වීමට නියමිතව තිබූ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් තරගාවලිය දින 05 කින් කල්දැමීමට සිදුවූ අතර ඒ අනුව පළමු එක්දින තරගය ලබන 18 වැනිදා පැවැත්වේ.
 
 එක්දින සහ පන්දුවාර 20 සියලූ තරග කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එම ක‍්‍රීඩාංගණයේ ද සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබී තිබේ.

– කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment