ඉන්දියාවට දැවැන්ත ජයක්

211

බංග්ලාදේශය සහ ඉන්දියාව අතර බංග්ලාදේශයේ චිතගොන් හි පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 189 කින් ජයග්‍රහණය කිරීමට සංචාරක ඉන්දියානු ක්‍රීඩකයෝ ඊයේ (18 වැනිදා) සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 513 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ඉනිම ලකුණු 324කට සීමා කිරීමට අක්සාර් ෆටෙල් සහ කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දියානු පන්දු යවන්නෝ ක්‍රියා කළහ. පළමු ඉනිමේ කඩුලු 5ක් සහ දෙවෙනි ඉනිමේ කඩුලු 3ක් දවාගත් කුල්දීප් යාදව් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

ලකුණු සාරාංශය

ඉන්දියා පළමු ඉනිම 404, දෙවෙනි ඉනිම 258/2

බංග්ලාදේශය පළමු ඉනිම 150, දෙවැනි ඉනිම 324

advertistmentadvertistment
advertistmentadvertistment