ඉන්දියාවට දැවැන්ත පරාජයක් අත්කර දුන් එංගලන්ත ක‍්‍රීඩකයෝ තරගාවලිය 1-1 කරති

202

ඉන්දියාව සහ එංගලන්තය අතර ලීඞ්ස් හිදි පැවති තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දින එකහමාරක් ඉතිරිව තිබියදීම සංචාරක ඉන්දීය කණ්ඩායමට දරුණු පරාජයක් අත්කරදුන් සත්කාරක එංගලන්ත කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 76කින් තරගය ජය ගෙන තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සමත් විය.

තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ලකුණු 151 ක ජයක් ලැබීය.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සිය දෙවන ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුලූ 8 ලකුණු 63 තුළ දවාලීමට ඔලී රොබින්සන් ප‍්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

තුන්වෙනි දිනයට තරගය නිමා කරන විට කඩුළු දෙකක් දැවී ලකුණු 215ක් ලබාගෙන සිටි ඉන්දියාව 4 වෙනි දින දිවා විවේකයටත් පෙර දවා ගැනීමට සමත් වූ එංගලන්ත පන්දු යවන්නන් එදින ඒ සඳහා ගත කළේ පන්දු ඕවර විස්සක් වැනි ප‍්‍රමාණයකි.

ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 78 ක් සහ එංගලන්තය පළමු ඉනිමට ලකුණු 432ක් ලබාගත් අතර දෙවෙනි ගැනිමේදී සියලූ ඉන්දියානුවෝ ලකුණු 276 ක ට දැවී ගියහ.

තරගාවලියේ හතරවෙනි තරගය ලබන දෙවැනි දා ඕවල් හිදි ආරම්භ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment