ඉන්දියාවට පළායන  උතුරේ ජනතාව ගැන  රජයේ මැදිහත්වීමක් ඕනෑ – දෙමළ ජාතික සන්ධානය

203

වයස අවුරුදු දෙකක කුඩා දරුවකු ඇතුලු අටදෙනකු ඉතා අනාරක්ෂිත ආකාරයට ඔරුවක ආධාරයෙන් යාපනයේ සිට ඉන්දියාවට ගමන් කිරීම දැඩි අවදානමක් නිසා උතුරු පළාතෙන් ඉන්දියාවට පලා යන දෙමළ ජනතාව සම්බන්ධයෙන් රජයේ යම් මැදිහත්වීමක් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය රජයට යෝජනා කොට තිබේ.

යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි පවුල් දෙකක පිරිස් විශාල අවදානමක් දරමින් ඔරුවක ආධාරයෙන් ඉන්දියාවට යෑම කිසිසේත්ම අනුමත කළ නොහැකි නිසා උතුරේ සිට යම් අවශ්‍යතාවක් මත ඉන්දියාවට යෑමට අවශ්‍ය පිරිසක් සිටින්නේ නම් ඔවුන්ට ඉතා පහසුවෙන් හා ආරක්ෂිතව ඉන්දියාව දක්වා ගමන් කිරීමට රජයෙන් පහසුකම් සලසා දෙන ලෙස දෙමළ ජාතික සන්ධානය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

යාපනයේ සිට ඉන්දියාවට  පලාගිය පිරිස ඔවුන් ගමන් කළ ඔරුව අතහැර ධනුස්කොඩි මුහුදු වෙරළට ළඟා වීමෙන් පසුව ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට ධනුස්කොඩි පොලිසිය වෙත බාර දී ඇත. යාපනයෙන් ඉන්දියාවට පලාගිය මේ අට දෙනාත් සමග මේ වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා ඉන්දියාවට ගොස් එහි සරණාගතහාවය ලබා ගෙන ඇති පිරිස 108ක් දක්වා ඉහළ ගොස් ඇත.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment