ඉන්දියාවට ලකුණු 263ක අභියෝගයක් – ශී‍්‍ර ලංකා – ඉන්දියා පළමු එක්දින තරගය

207

ශී‍්‍ර ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කි‍්‍රයාත්මක තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (18 වැනිදා) පැවති පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 9ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත්විය. එ් අනුව තරගය ජය ගැනීම සඳහා ඊයේ රාති‍්‍රයේදී ඉන්දීය කණ්ඩායමට ලකුණු 263ක ඉලක්කයක් හිමිවී තිබිණි.
 
 ඊයේ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පිති ප‍්‍රහාරයේ යෙදීමට තීරණය කළේය. එ් අනුව ශී‍්‍ර ලංකා ඉනිම ආරම්භ කළ අවිශ්ක ප‍්‍රනාන්දු සහ මිනෝද් භානුක පළමු කඩුල්ලට ලකුණු 49ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත්විය. යුස්වේන්ද්‍ර චහල් යැවූ පළමු පන්දුවාරයේ පළමු පන්දුවටම පාන්ඬේ අතට උඩපන්දුවක් ලබා දෙමින් අවිශ්ක දැවීයෑමත් සමග එම සම්බන්ධතාවට තිත වැටුණි. දැවී යන විටදී පන්දු 35කට මුහුණ දී තිබූ අවිශ්ක එක් හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 32ක් ලබා සිටියේය.
 
 ඊයේ ජාත්‍යන්තර එක්දින වරම් හිමි වූ භානුක රාජපක්ෂ යුස්වේන්ද්‍ර චහල්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් තමාගේ ජාත්‍යන්තර එක්දින ලකුණු ගිණුම ආරම්භ කිරීමට සමත්විය. එ් අනුව තවත් එක් හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගින් පන්දු 22කදී ලකුණු 24ක් ලබා සිටි භානුක ශී‍්‍ර ලංකා දෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් කිරීමට කුල්ඞීද් යාදව් සමත්විය. එම පන්දු වාරයේම සිව්වැනි පන්දුවේදී ලකුණු 27ක් ලබා සිටි මිනෝද් භානුකගේ කඩුල්ලද දැවී යෑම මත ශී‍්‍ර ලංකාව දෙසට පීඩනය එල්ල විය. එ් අනුව මුළු ලකුණු 89දී සිය තෙවැනි කඩුල්ල අහිමි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලෙසින් මුළු ලකුණු 117 දී ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කිරීමට කූනාල් පාණ්ඩයා සමත්විය.
 
 ශී‍්‍ර ලංකා මැද පෙළ ඔසවා තැබූ දසුන් ශානක සහ චරිත් අසලංක පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත්විය. චරිත් අසලංක ලකුණු 38ක් ලබා සිටියදී දීපක් චාහර්ගේ පන්දුවක් හමුවේ ඉෂාන් කිෂාන් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ශී‍්‍ර ලංකා නාවකයා පන්දු 50කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 39ක් රැුස් කළේය. සටන්කාමී ඉනිමක් දියත් කළ චාමික කරුණාරත්න 35කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 1ක් සමගින් පන්දු 35කදී නොදැවී ලකුණු 43ක් වාර්තා කළේය.
 
 ලකුණු සටහන
 
 ශී‍්‍ර ලංකාව පන්දුවාර 50දී කඩුලූ 9ක් දැවී ලකුණු 262යි (ප‍්‍රනාන්දු 35, මිනෝද් භානුක 27, භානුක රාජපක්ෂ 24, ධනංජය ද සිල්වා 14, චරිත් අසලංක 38, දසුන් ශානක 39, වනි`දු හසරංග 08, චාමික කරුණාරත්න (නොදැවී 43), ඉසුරු උදාන 08, දුෂ්මන්ත චමීර 13, දීපක් චහර් 37/2, යුස්වෙන්ද්‍ර චහල් 52/2, කුල්දීප් යාදව් 48/2, කූනාල් පාණ්ඩයා 26/1)

advertistmentadvertistment
advertistmentadvertistment