ඉන්දියාවත් වැට උඩ..

881

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වරම් හිමිකර ගැනීමේ අවිනිශ්චිත තත්ත්වකට ඉන්දීය කණ්ඩායම මේ වනවිට පත්ව තිබේ. එ් පෙරේදා (31 වැනිදා) පැවැති තරගයේදී ඉන්දීය කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමත් සමගය.

මෙවර තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩය යටතේ තරගවදින ඉන්දීය කණ්ඩායම මේ දක්වා සහභාගි වූ තරග දෙකේදී පිළිවෙළින් පාකිස්තානය හමුවේ කඩුලූ 10කින් සහ නවසීලන්තය හමුවේ කඩුලූ 8කින් පරාජයට පත්විය. එ් අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් තබා ගැනීමට නම් ඔවුන් හෙට (03 වැනිදා) ඇෆ්ගනිස්තානය සමගින් පැවැත්වෙන තරගය ජය ගැනීම අනිවාර්ය වන අතර අනතුරුව පැවැත්වෙන ස්කොට්ලන්තය සහ නැමීබියාව සමගින් පැවැත්වෙන තරග දෙකද ජය ගැනීමට අනිවාර්ය වී තිබේ. එසේ වුවද අවසන් පූර්ව වටයේ වරම් හිමිකර ගැනීමට නම් ඉතිරි තරග වලදී ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය තරග දෙක බැගින් පරාජයට පත්වනතුරුද බලා සිටීමට ඉන්දීය කණ්ඩායමට මේ වනවිට සිදුව තිබේ.

ෙදාළොස් දෙනාගේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මේ වනවිට පාකිස්තාන කණ්ඩායම සමත් වී ඇති අතර ඔවුන් සහභාගි වූ තරග 3න් තරග 3ම ජය ගැනීමට සමත්වී තිබේ. ඇෆ්ගනිස්තානය එහි දෙවැනි ස්ථානයේ රැුඳෙන අතර ඔවුන් මේ දක්වා තරග 3කදී ජයග‍්‍රහණ දෙකක් වාර්තා කරගෙන සිටී. නවසීලන්තය තරග දෙකකදී එක් ජයග‍්‍රහණයක් සමගින් තෙවැනි ස්ථානයේ රැඳෙන අතර නැමීබියාව තරග 2කදී එක් ජයග‍්‍රහණයක් සමගින් සිව්වැනි ස්ථානයේ පසුවේ. මේ දක්වා කිසිදු ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් වූ ඉන්දියාව සහ ස්කොට්ලන්තය පිළිවෙළින් එහි පස්වැනි සහ අවසන් ස්ථානවල පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment