ඉන්දියාවෙන් ආ නාඩු තවම සතොසෙ නෑ

186

ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් මෙටි‍්‍රක් ටොන් 260ක ප‍්‍රමාණය මෙතෙක් සතොස වෙත ලැබී නැතැයි සතොස සභාපති රියර් අද්මිරාල් (විශ‍්‍රාමික) ආනන්ද පීරිස් මහතා පැවසීය. මෙම සහල් තොගය ඉන්දියාවේ විෂ්වපට්ටම් වරායේ සිට කොළඹ වරාය වෙත ඉකුත් 12 වැනිදා පැමිණ තිබුණි.

 වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් කිලෝවක් රුපියල් සියයට වඩා අඩු මිලට සතොස හරහා ජනතාවට අලෙවි කිරීම සඳහා සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ඉන්දියාවෙන් සහ බුරුමයෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී.

ඒ අනුව එහි පළමු සහල් තොගය ලෙස මෙම සහල් මෙටි‍්‍රක් ටොන් 260 ගෙන්වා තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment