ඉන්දියාවෙන් ඉන්ධන ගන්න මීළඟ ඩොලර් මිලියන 500 ගන්න අත්සන් කිරීමට සූදානම් – අගමැති රනිල් වික්‍රමසිංහ

160

ඉන්දියාවෙන් ඉන්ධන ගන්න මීළඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සඳහා වන ගිවිසුම ඉක්මනින් අත්සන් කිරීමට සූදානම් වන බව අග්‍රාමාත්‍ය හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරි ඉන්ධන සැපයුම් ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේය.

මේ ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එක අත්සන් කළ පසු තවත් මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාවට ලැබෙන බවද අගමැතිවරයා කියයි.

ඉන්ධන අඛණ්ඩව ලබාදීමට තීරණය කළත් එලෙස ඉන්ධන සැපයීමට හැකි වන්නේ දැනට තිබෙන ඉල්ලුමෙන් සියයට 50ක් සඳහා පමණක් බවද අගමැතිවරයා කියයි. අග්‍රාමාත්‍යවරයා එම විශේෂ ප්‍රකාශය කරමින් මෙසේ ද කීවේය. මෙහිදී විදුලිය නිෂ්පාදනයට, පොදු ප්‍රවාහනයට සහ වෙනත් අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාව ලබා දෙනවා. දැනට මේ මාසෙ අග වෙනකම් අපි නිශ්චිතව ඉන්ධන නැව් ලබාගෙන තිබෙනවා. ඊළඟ මාසයටත් ඉන්ධන නෞකා දෙකක් ලබාගන්න ක්‍රියාකරගෙන යනවා. ඉන්ධන ගන්න ක්‍රියාකරද්දී ලංකා බැංකුවේ රුපියලුත් තිබුණේ නැහැ. මම කැබිනට් මණ්ඩලයට ගිහින් මුදල් මුද්‍රණය කරන්න අනුමැතිය ලබා ගත්තා. මේ රටට ඉන්ධන ගේන්න දැන් තිබෙන ඩොලර් ප්‍රශ්නය විසඳන්න තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරගෙන යන්නේ. ජුනි අන්තිම වෙනකොට මේ වැඩකටයුතු අවසන් කරන්න තමයි බලාපොරොත්තු වන්නේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

advertistmentadvertistment
advertistmentadvertistment