ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර රු.30ට හෝටල්වලට

73

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක් රුපියල් 30 ක් වැනි මිලකට ආහාර නිෂ්පාදකයන්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරනු ලබන බිත්තර වෙළෙඳපොළට නිකුත් නොකරන බව ඇමැතිවරයා පැවසීය.

මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට බිත්තර මිලියන 2 ක් පෙරේදා (25 දා) ආනයනය කිරීමට රජය පියවර ගත්තේය.

බිත්තර ආනයනය කිරීමට අවසර ලබා දී ඇත්තේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment