ඉන්දියාවෙන් ගෙනා පොර කුකුල්ලු 50 ක් මන්නාරමේදී දැලේ

595

ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන එන ලද කුකුල් පොර සඳහා යොදා ගන්නා පොර කුකුළන් 50 දෙනකු නාවික හමුදාව විසින් පෙරේදා (09 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

බෝට්ටුවක ආධාරයෙන් රැගෙන එන ලද කුකුළන් 50 දෙනා එකට බැඳ මන්නාරම නගරය දෙසට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබියදී නාවික හමුදා නිලධාරීන් පිරිසක් එහි ගොස් කුකුළන් අත්අඩංගුවට ගෙන ඇතත්” කුකුළන්ගේ අයිතිකරුවන් නිලධාරීන් පැමිණෙනු දැක පලාගොස් තිබේ.

පොර කුකුළන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කුකුළන් 7 දෙනකු අධික තෙරපීම නිසා මරුමුවට පත් වී ඇත. කුකුළන් රැගෙන එන ලද පිරිස අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇති අතර එම කුකුළන් නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment