ඉන්දියාවෙන් ගේන යූරියා ගොඩබෑමට පෙර  බයියුරේට් සහතිකයක් ඕනෑ – ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ

151

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කෙරෙන යූරියා පොහොරවල අඩංගු බයියුරේට් ප්‍රතිශතය පොහොර තොගය මෙරටට ගොඩබෑමට පෙර ජාත්‍යන්තරව පිළිගත්

විද්‍යාගාරයකින් ලබාගත් ස්වාධීන පරීක්ෂණ වාර්තාවකින් සනාථ කරගැනීම අත්‍යවශ්‍ය බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් යූරියා තොගය මෙරටට ආනයනය කරන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම තමන් වෙත දැනටමත් එවා ඇති විද්‍යාගාර වර්තාවක එම ප්‍රතිශතය සියයට 0.65 ක් ලෙස දක්වා ඇති බවද අධ්‍යක්ෂවරයා පවසයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අනුව ශ්‍රී ලංකාවේ භාවිත කළ හැක්කේ බයියුරේට් ප්‍රතිශතය සියයට එකකට අඩු යූරියා පොහොර වන නමුත්, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිර්ණායකයන්ට අනුව එම ප්‍රතිශතය සියයට 1.5ක් දක්වා වුවත් යාහැකි බවද ලොකුහේවා මහතා සඳහන් කරයි.

ණය ආධාර පදනම යටතේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන මෙටි්‍රක් ටොන් 65000 ක යූරියා තොගය ඕමානයෙන් ආනයනය කරන අතර එහි අඩංගු බයියුරේට් ප්‍රතිශතය සියයට 1.5 ක් බව වාර්තාවේ.

බයියුරේට් විස රසායනිකයක් වන අතර, එහි ප්‍රතිශතය වැඩිවුවහොත් ශාක වර්ධනයට අහිතකර ලෙස බලපාන බව හා ඒ ඔස්සේ ඍජුවම මිනිස් ශරීරයට ඇතුළුවීමේ හැකියාව ඇති බව කෘෂි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment