ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගන්න යයි

182

ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා විදෙස් රටවල් කිහිපයක් සමග රාජතාන්ති‍්‍රක සාකච්ඡුා කිහිපයක් ආරම්භ කර තිබෙන අතර ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉන්දීය රජය සමග කළ සාකච්ඡුා සාර්ථක වන ලකුණු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව රජයේ නියෝජිතයකු ලබන සතියේ ඉන්දියාවට ගොස් මේ සම්බන්ධව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව ඇතැයිද දැනගන්නට ලැබේ.

මේ අතර පෙට‍්‍රල්, ඞීසල් ඇතුළු ඉන්ධන මිලදී ගැනීමේදී ඉන්දීය තෙල් සමාගමේ (අයි ඕසී* දායකත්වය වැඩිකර ගැනීම සඳහාද අවධානය යොමුව ඇත.

දැනට සිදුකර තිබෙන සාකච්ඡුා හා එකඟතාවලට අනුව මෙරටට අවශ්‍ය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මතුවී තිබෙන ඩොලර් ප‍්‍රශ්නයට විසඳුම් ලැබෙනු ඇතැයිද එම ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment