ඉන්දියාවෙන් පළමුවරට ඞී. එන්. ඒ. තාක්ෂණය ආශි‍්‍රත කොරෝනා මර්දන එන්නතක්

595

ඉන්දියාව ප‍්‍රථම වරට ඞී. එන්. ඒ. ජාන තාක්ෂණය ආශ‍්‍රිත කොරෝනා එන්නතක් එරට කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙලේ හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට අනුමැතිය ලබා දී තිබේ. මෙසේ අනුමැතිය ලබා දී ඇති කොරෝනා එන්නතට මාත‍්‍රාවන් තුනක් අයත් වන අතර එය රෝග ලක්ෂණ සහිත කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව සියයට 67ක ප‍්‍රතිශක්තියක් නිපදවන බව සායනික අත්හදා බැලීම්වලදී තහවුරු වී ඇති බව ඉන්දීය රජය විසින් ප‍්‍රකාශ කර ඇත.

 අහමදාබාද් නගරයේ පිහිටි බෙහෙත් සමාගමක් විසින් නිපදවා ඇති මෙම කොරෝනා මර්දන එන්නත ඉන්දියාව විසින් හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් දේශීයව නිපදවූ දෙවැනි එන්නත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment