ඉන්දියාවෙන් පොලිස් ජිප් 750ක් ණයට දෙයි

264


ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා පොලීසියට අලූතින් ජිප් රථ 750ක් ලබාදීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට‍ අද (30) එළඹ තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා සහ මහේන්ද්‍ර ආයතනයේ උප සභාපති ජොයිඩීප් මොයිට්‍රා යන මහත්වරු අතර මජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ගිවිසුම් අත්සන් තබා ඇත.

මෙම ජිප් රථ ලබාදීම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර අගෝස්තු මස අවසානයට පෙර ජිප් රථ 250ක්දල සැප්තැම්බර් මස අවසානයට පෙර ජිප් රථ 250ක් සහ 2023 වසරේ මාර්තු මස අවසානයට පෙර ජිප් රථ 250ක්ද ලබාදීම මෙම ගිවිසුම අනුව සිදුවේ. මෙහි මුළු වටිනාකම රුපියල් බිලියන 2.5 කි.

ශ්‍රී ලංකා පොලිසිය සඳහා ඉන්දියානු ණය අධාර යටතේ ත්‍රීරෝද රථ 2000 ක්, ජපන් ආධාර යටතේ ජිප් රථ ඇතුළු වාහන 72ක් සහ යතුරුපැදි 150 ක් මේ වන විට ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment