ඉන්දියාවෙන් පොහොර ගෙන්වන්න කැබිනට් එක හෙට අවසර දෙයි

101

යල කන්නය සඳහා ඉන්දියාවෙන් ලබාදෙන රසායනික පොහොර ගෙන්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව අනුමැතිය සඳහා හෙට (6 වන සඳුදා) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවිර මහතා පැවසීය.අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය දින එකඟත්වය ලබාදී තිබිණි.ඒ අනුව එම රසායනික පොහොර මෙටි්‍රක් ටොන් හැටපන්දහසක පමණ තොගය ඉදිරි සති කිහිපයේ බොහෝදුරට මෙරටට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඇමැතිවරයා පැවසීය.පොහොර තොගය ලැබුණු වහාම කඩිනමින් ගොවීන්ට සහනාධාර ක්‍රමයට ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment