ඉන්දියාවෙන් මිලදී ගත් බස් 2200න් ලංගමයට මිලියන 2207ක පාඩුවක්

300

ශ්‍රී ලංගම විසින් ණය පදනම යටතේ ඉන්දියානු අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බස්රථ 2200 ක් මිලදී ගැනීමේදී ණය වාරික නියමිත අයුරින් ගෙවීමට නොහැකිවීම හා ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීම නිසා ශ්‍රිලංගමයට රුපියල් මිලියන 2207ක පාඩුවක් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

අදාළ සමාගම සමග ඇතිකරගත් ගිවිසුමට අනුව ණය කාලසීමාව ඉක්මවීම කාර්තුමය පදනමින් ගෙවන වාරික විධිමත් පරිදි නොගෙවීම හේතුවෙන් ශ්‍රීලංගමයට පමා පොලිය වශයෙන් රුපියල් මිලියන 419.24ක පොලී මුදලක් ගෙවීමට සිදුවී තිබුණි. මෙකී ගිවිසුම අනුව බස්රථ මිලදී ගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම ඇමරිකානු ඩොලර් මගින් ගෙවීමට ගිවිසුම්ගතව තිබූ අතර මෙම කාලය තුළදී ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා රුපියල් මිලියන 1788.76 ක අමතර වැය බරක් නැතහොත් පාඩුවක් ශ්‍රිලංගමයට දැරීමට සිදුවී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ඒ අනුව එක් බස්රථයකින් රු. මිලියනයක පමණ පාඩුවක් සිදුවී තිබූ අතර ශ්‍රිලංගමය විසින් 2014 වර්ෂයේ දී වර්ෂ පහක ණය පදනමක් යටතේ බස්රථ 2200ක් මිලදී ගැනීම සඳහා ඉන්දියානු අශොක් ලේලන්ඩ් සමාගම සමග ගිවිසුමකට එළඹ තිබුණි. මෙකී ගිවිසුමට අනුව එකී බස්රථ සඳහා අදාළ ගෙවීම් වර්ෂ පහක කාලයක් තුළදී ගෙවා අවසන් කළ යුතුව තිබුණි. එහෙත් ගිවිසුමේ සඳහන් පරිදි ණය වාරික ගෙවීමට ශ්‍රිලංගමයට නොහැකි වී ඇත. 2020 වර්ෂයේ මාර්තු මාසය දක්වාම එම ගෙවීම් සිදුකොට තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment