ඉන්දියාවෙන් මෙරට පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව

154


ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් දිවයින පුරා සිසු සිසුවියන් 300 දෙනෙකුට මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව පිරිනමනු ලැබීය.
මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ උත්සවයක දී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් උසස් පෙළ සිසු සිසුවියන් 300 දෙනෙකුට මෙම මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබීය. මෙම ශිෂ්‍යත්වය යටතේ සෑම දිස්ත්‍රික්කයකම ප්‍රථම ස්ථාන හය දිනාගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දක්ෂතාවය සහ අවශ්‍යතාවය මත පදනම්ව සෑම මසක ම ශ්‍රී ලංකා රුපියල් 2,500- ක මුදලක් ලබා දේ. මෙම වසරේ දී 2021/-2022 වසරේ පැවති කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කණ්ඩායම් දෙකකට එකවර මෙම ශිෂ්‍යත්වය පිරිනමනු ලැබීය.
ඉන්දියානු රජය ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහත්මා ගාන්ධි ශිෂ්‍යත්වයන්ට අමතරව වාර්ෂිකව ඉංජිනේරු, තාක්ෂණ, කලා, විද්‍යා, දේශීය වෛද්‍ය වැනි විවිධ ක්ෂේත්‍රයන් හි ශිෂ්‍යත්ව 210ක් පමණ පිරිනමයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා තොරතුරු තාක්ෂණ යෝජනා ක්‍රමය යටතේ පූර්ණ ශිෂ්‍යත්ව 400කට වැඩි සංඛ්‍යාවක් ද පිරිනමනු ලබයි. මෙයට අමතරවලඉන්දියාවේ අධ්‍යාපනය ලැබීම වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථා දහස් ගණනක් ද විවෘතව පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment